ජනාධිපතිගේ රාජාසන කතාවෙන් මාධ්‍යවේදීන් සකළ අමාරුවේ !

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද කළ කතාවෙන් තමන් විශාල අමාරුවක වැටුණු බව ජනමාධ්‍ය වේදීහු කියති. එයට හේතු වී ඇත්තේ එම කතාව මගින් උණුසුම් ලෙස වාර්තා කළ හැකි කිසිදු දෙයක් ඉදිරිපත් නොවීම යි.

ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මෙතෙක් තැන තැන කී දේ නැවත ප්‍රකාශයක් මිස ජනාධිපතිගේ කතාවේ කිසිදු අලුත් දෙයක් නොතිබීම නිසා ඇල්මැරුණු ශිර්ශපාට යටතේ පිළුණු වාර්තා ඉදිරිපති කිරීමට තමන්ට සිදු වී ඇති බව ඔවුහු කියති.

වර්තමානයේ රට මුහුණ දී ඇති ප්‍රශ්න සහ ඉදිරියේ දී එයට මුහුණ දීමට ගන්නා නව ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම මෙබඳු රාජාසන කතාවකින් අපේක්ෂා කෙරෙයි. එවැනි කිසිදු නව වැඩ පිළිවෙළක් මෙම රාජාසන කතාවෙන් ඉදිරිපත් කොට නැත.

එබැවින් උණුසුම් වාර්තා කිසිවක් නොමැතිව තමන් ආමරුවේ වැටුණු බව මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.

රාජ්‍ය මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් මෙයින් වඩාත් අපහසුතාවයට පත් වූ බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *