අද කොවිඩ් මරණ 13 ක් , නව ආසාදිතයින් 672 ක් වාර්තා වෙයි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 672 කි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 15,231 ක් වශයෙන් සටහන් වී තිබේ.
මෙරටින් මෙදකව වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 597,707 ක් වශයෙන් වාර්තා වෙයි.
