සාක්ෂි විමසුම් කොමිසමේ සභාපති ලාල් විජේනායක

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට, මහජන අදහස් ලබාගැනීම සඳහා පසුගිය දා නියෝජියින් 21 දෙනෙකුගෙන් කොමිසමක් පත්කළ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස ලාල් විජේනායක මහතා පත්කර ඇති බව යුක්තියට වාර්තාවේ. ඉදිරියේ දී එම කොමිසම විසින් දී ජනතා අදහස් ලබාගැනීමට නියමිත ඇති අතර ඒ සඳහා සති 3ක කාලයක් වෙන්වෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම මහජන අදහස් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට…

භාණ්ඩාගාරයේ ලේකම් තනතුරට මහාචාර්ය රසීන් සාලි පත්කරන සුදානමක් !

ජනවාරියේ සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව භාණ්ඩාගාරයේ ලේකම් තනතුරට ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය රසීන් සාලි පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත . සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබද ලි කුවාන් යු පාසලේ මහාචාර්ය තනතුරක සේවය කරන සාලි මහතා ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යාඥයෙකි . ඔහු මේ දිනවා ශ්‍රී…

මහා හොරකම් හොයන්න බ්‍රතාන්‍යයේ විශේෂඥ සහය

මහා පරිමාණ දුෂණ වංචා පිලිබදව පරීක්ෂණ පැවැත්වීම පිලිබදව මෙරට විමර්ශන නිලධාරීන්ට පුහුණුව ලබාදීමට බ්‍රතාන්යයේ විශේසඥයකු මෙරටට පැමිණ සිටින බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි . ශ්‍රී ලංකා පොලිසියේ , අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ හා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන්ට පුහුණව ලබාදීමට විශේෂ වැඩසටහන් එම විශේෂඥ්යාගේ මෙහෙයවීමෙන් සිදුවන බව වාර්තා වෙයි . ශ්‍රී ලංකික…

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ වගකීම මහින්ද භාරගනියි .

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ වගකීම භාර ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ඝාතනයේ සැකකරුවන් බලන්නට ගොස් ඔවුන්ට සිය සම්පුර්ණ සහය පල කළේය . එම ඝාතකයන්ට නීති ආධාර දීමට මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුපෙන් අරමුදලක් ආරම්භ කිරීමට තීරණය කොට ඇති බවද පසුගියදා ප්‍රකාශයට පත්වීය . 2010 ජනාධිපතිවරණය සමයේ පැහැරගෙන ගිය ප්‍රගීත් ගිරිතලේ…

ජනවාරි ඇමති මාරුවෙන් ලොකු පුටු ගණනක් පෙරලෙයි !

වත්මන් ආණ්ඩුවේ ප්‍රථම ඇමති මණ්ඩල සංශෝධනය ජනවාරි මාසයේදී සිදුකරන බවත් එහිදී ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනකුගේ තනතුරු වෙනස්වන බවත් රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි . යහපාලන  ආණ්ඩුව පිහිටුවීමට ප්‍රබල ලෙස දායක වූ ඇමතිවරුන්ද ඒ අතර වන බව දැනගන්නට ඇත . හිතුවක්කාර වැඩ කටයුතු හා විවාදාත්මක ක්‍රියා නිසා රජය අපහසුතාවයට පත්කිරීම ගැන මෙම ඇමතිවරුන්ට චෝදනා එල්ල වී…

තාජුදීන් ඝාතකයා මහින්දගේ රියැදුරෙක්

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ ප්‍රධාන සැකකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරකු ලෙස කටයුතු කල කැප්ටන් තිස්ස නම් තැනැත්තා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග කියයි . මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපත ලැබුවකු බව කියන මොහු රාජපක්ෂ පාලන සමයේ ප්‍රබල චරිතයක් වූ බව කියති . හමුදාවේ සාමාන්‍ය සෙබළකු ලෙස ජීවිතය ඇරඹු මොහුට පසු කාලයේ නිවාස…

විග්නේශ්වරන් අලුත් සංවිධානයක් හදයි

උතුරු පළාත් මහා ඇමති සී වී විග්නේශ්වරන් මහතා දෙමල ජාතික සභාව නමින් වෙනම සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා කියයි . ඊයේ (සෙනසුරාදා ) යාපනයේ පවතී රැස්වීමකින් පසුව මෙම සංවිධානය පිහිටුවා ගත් බව වාර්තා වීය . එම රැස්වීමට තිස් දෙනකුට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බව කියති . මෙය විග්නේශ්වරන් මහතා දෙමල ජාතික සන්ධානයෙන්…

නව නීති යටතේ ෆොර්ට් සිටි ඉදිකොට මුල්‍ය මධ්‍යස්ථානයක් කරනවා – මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

දැනට නැවත ඇති  ෆොර්ට්  සිටි ව්‍යාපෘතිය ඉදිකොට එය ආසියාවේ මුල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කොට ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත . මෙබදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපරටේ දැනට පවතින නීති ප්‍රමාණවත් නැති බවත් , ඒ සදහා නව නීති හදුන්වා  දීමට රජය ක්‍රියාකරනු ඇති බවත්  මහේන්ද්‍රන් මහතා කියයි ….

විදුලි දුම්රිය අධ්‍යයනය ලබන මාසයේ ඇරබේ

දුම්රිය සේවය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මේ මුල් අධියරේ අධ්‍යයන කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . ඒ අනුව මුල් පියවර ලෙස පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීම පිලිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතය . දෙමටගොඩ සිට බත්තරමුල්ල දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටද යෝජනා වී  ඇත…

ආණ්ඩුව හා ද්‍රවිඩ සන්ධානය අතර ඒකීය යන වචනයට කඹ ඇදිල්ලක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව යුක්තියට දැනගන්නට තිබේ. ජනපතිවරණයේ දී මෙන්ම මහා මැතිවරණයේ දී ජාතික ප්‍රශ්නයට දිගුකාලීන දේශපාලන විසදුමක් ලෙස ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදන බවට පොරොන්දුවක් දී තිබේ. මෙයින් අදහස් වූයේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන බලය බෙදීමක් සිදුකරන බව ය….

නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයට තබාගන්න අවශ්‍ය නෑ- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ ප්‍රභල විවේචන මතු වී තිබේ. මතු වී ඇති ප්‍රශ්න හේතුකොටගෙන නීතිපතිවරයා පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා ප්‍රශ්න කළයුතු බවට ද යෝජනා ඉදිරිපත් විය. එම යෝජනාවට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමය යෝජනාවක් ද සම්මත කළහ. නීතිපතිවරයා එසේ කැඳවීම නෙකාකළයුතු බව මා ද පිළිගන්නා නමුත් අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට ජනතාවගෙන් එල්ලවන මේ චෝදනා පිළිබඳ අපි සැළකිලිමත්…

ජනවාරි 9 නව ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වී වසරක් පිරෙන ජනවාරි 9වෙනි දින නව ව්‍යවස්ථා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව යුක්තියට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා මීට පෙර යෝජනා කළේ පනතක් මගින් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට ය. කෙසේ නමුත් ජනවාරි 9 වෙනිදා නව ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දැනගන්නට තිබේ….