ජනවාරි ඇමති මාරුවෙන් ලොකු පුටු ගණනක් පෙරලෙයි !
වත්මන් ආණ්ඩුවේ ප්‍රථම ඇමති මණ්ඩල සංශෝධනය ජනවාරි මාසයේදී සිදුකරන බවත් එහිදී ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනකුගේ තනතුරු වෙනස්වන බවත් රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි . යහපාලන ආණ්ඩුව පිහිටුවීමට ප්‍රබල ලෙස දායක වූ ඇමතිවරුන්ද ඒ අතර වන බව දැනගන්නට ඇත . හිතුවක්කාර වැඩ කටයුතු හා විවාදාත්මක ක්‍රියා නිසා රජය අපහසුතාවයට පත්කිරීම ගැන මෙම ඇමතිවරුන්ට චෝදනා එල්ල වී ඇති බවද කියති .
ඒ අතර දැන් විපක්ෂයේ සිටින පිරිසකට ඇමති , නියෝජ්‍ය ඇමති තනතුරු දීමද ඒ සමග සිදුවනු ඇති කියති . දිස්ත්‍රික් ඇමති තනතුරු ගණනාවක් ද ඒ සමග ලබා දීමට නියමිතය .
ඇතැම් ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් අතර ඇතිවී තිබෙන ගැටුම් සමනය කිරීම ගැනද ජනාධිපතිතුමාගේත් ,අගමැතිතුමගේත් වැඩි අවධානයක් යොමුවී ඇති බව දැනගන්නට ඇත .
