නාවික හමුදාව දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම වරදියි – ඇවන්ගාර්ඞ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නිලන්ත ජයවීර
නාවික හමුදාපතිතුමා දේශපාලඥයන් කිහිප දෙනෙකුට රැුවටිලා විනාශ කරගෙන යන්නෙ, බොහෝ කාලයක් යුද වැදිල, ලේ දහඩිය හෙළලා ඔබතුමා විසින්ම රැුගත්තු කීර්තිනාමය. තව කාටහරි නිල ඇඳුමෙ ගෞරවය තියාගෙන ඔය පුටුවෙ වාඩිවෙන්න ඉඩ තියන්න. මේ ලැජ්ජ කරන්නෙ හමුදා නිල ඇඳුමට. හමුදා නිළ ඇඳුම් ඇඳපු විශ්‍රාමික රණවිරුවන්ට මේ ලැජ්ජ කරන්නෙ.
පසුගිය මාස එකොළහේ දී ම ඇවන්ගාර්ඞ් වැරදියි කියන්න බොහෝදෙනා හිටියා. ඇවන්ගාර්ඞ් වැරදි නැහැ කියලා ඔප්පුකරපු ආයතන, ලියකියවිලි බොහාමයක් තිබුණ. ඇවන්ගාඞ් වැරදියි/ඇවන්ගාඞ් වැරදි නෑ කියන මත දෙක මේ ලංකාවේ ජන සමාජය වහගෙන තිබන එක්තරා කඩතිරයක් බවට පත්වුණා. එක් වතාවක ඇවන්ගාඞ් වැරදි නෑ කියන එකෙනුත්, තවත් වතාවකදි ඇවන්ගාඞ් වැරදියි කියන එකෙනුත් ඒ තිරය ඇරෙනවා, වැහෙනවා. මේ දිවිහට තමයි පසුගිය මාස එකොළහ ගතවුනේ.
මෙම මාස එකොළහ තුළ නාවික හමුදාව විසින් ඇවන්ගාඞ්එක සතුව තිබුණු ව්‍යාපාරික අවස්ථාව, වසර 30 ක කුරිරු යුද්ධයට වැඩිම දායකත්වයක් ලබා දීලා විශ්‍රාම සුවයෙන් තමන්ගෙ ජීවිතයේ අතපසු වෙච්ච දේවල් එකතු කරන රණවිරුවන්ට ලැබෙන්න තිබුණු ප්රතිලාභ අඩපන කරන්න, තමුන්ගෙ යම්කිසි අරමුණක් උදෙසා විනාශ කරන්න කරපු දෙවල් එකින් එක මතක්කර දෙන්න පුළුවන්.
පළවෙනි එක තමයි රතු මුහුද ප්‍රදේශයේ තිබුණු පාවෙන අවි ගබඩාව. ඇවන්ගාඞ් නෞකාව ලංකාවට එද්දි, ඒකට අවසරයක් ගත්තෙ නැහැ කියල කිව්වත්, 2015 ඔක්තෝම්බර් 06 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙහි තියෙන අවිවලට, උපකරණවලට සහ කාර්යමණ්ඩලයට ලංකාවට පැමිණීමට, ඒ අවි ගොඩබාලා ආරක්ෂාව සහිතව තබාගැනීමට සහය දෙන්න කියල ශ්‍රී ලංකා නාවික හමුදාවටත් උපදෙස් දුන්න ලිපියක් තියෙනව. අනවසරයෙන් මුහුදු සීමාවට ඇතුළු වුණා කියන එකටත් අපි උත්තර දීලා තියෙනව. මේ නැව අත්අඩංගුවට ගත්තු නාවික හමුදාවේ නිලධාරියාම අපේ ලියකියවිලි සහ නෞකාවට අයත් ලියකියවිලිවල සටහන් කරල, අත්සන් කරල තියෙනව මේ නැව අත්අඩංගුවට ගත්තෙ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී කියල. ඒ ඔවුන් අතින් වෙච්ච දෙවෙනි වැරැුද්ද. ඊළ`ගට රජයේ ආරක්ෂක අමාත්‍යාංශය රටේ ආරක්ෂාව, අභ්‍යන්තර ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන, ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය, මේ අයතනයේ අධීක්ෂණය, මේ අධිකාරියේ බලාධිකාරිය තුළින් තමයි මේ දේවල් කෙරුවෙ. අපිට එදත් තිබුණු ප්රශ්නය අදත් තියෙනව. යුධහමුදාවට, ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ඉහළින් ක්‍රියාත්මක වෙන බලයක් තියනව කියල හිතන්න හේතුව කුමක්ද? කාගෙ බලපෑමක්ද? කාගේ උපදෙස්ද? අදටත් නාවික හමුදාව ඒකට උත්තර දීල නැහැ. ඊට අමතරව අපි කියන විදිහට නොවැම්බර් 13 වෙනිදා මහනුවර නෞකාව බලහත්කාරයෙන් අරගෙන ගියා. නාවික හමුදාව ලිපියක් ඉදිරිපත් කළා මෙය අත්අඩංගුවට ගන්නවා කියල. එහෙනම් යම්කිසි වැරැුද්දක් තියෙන්න ඕනෙ. අපි වැරදි නම් අපි අත්අඩංගුවට ගන්න ඕනෙ. අවි වැරදි නම් අවි අත්අඩංගුවට ගන්න ඕනෙ. හැබැයි ඒ අවි වලින් තමයි එදා අපි සියලූම ක්‍රියාකාරකම් නාවික හමුදාව හරහා ක්‍රියාත්මක කෙරුවෙ.
නාවික හමුදාපතිතුමා සති කිහිපයක් තිස්සේ සති අන්ත පුවත්පතකට කියාගෙන යනවා මේ ක්‍රියාන්විතය නාවික හමුදාවට ගත්ත දවසෙ ඉඳලා ඇවන්ගාඞ් සමාගමට වැඩිය ලාභ උපයන්න පටන් අරන් තියෙනව කියල. ආරක්ෂක ලේකම්තුමා කිව්ව එක මෙහෙයුමකින් ඩොලර් 2500ක් අයකරනව කියල. අපි අය කෙරුවෙ ඩොලර් 3500ක්. ඩොලර් 2500ය, ඩොලර් 3500ට වැඩිය වැඩි වුනේ කාගෙ ගණනීය දෝෂයක්ද කියල අපි අහනව. වැඩිවෙනවනම් 3500ය 3501ක්වත් විය යුතුයි. ඒක 2500ක් වුනොත් අපි කියන්නෙ අඩුවෙලා කියල. මෙන්න පළවෙනි අවස්ථාවෙදිම ලංකාවට ආදායම අඩුවෙන් ලැබෙන හැටි.
ඇවන්ගාඞ් මැරිටයිම් සමාගම ලංකාවෙ මෙහෙයුම් කරගෙන යද්දි සැප්තැම්බර් මාසයෙදි ගාල්ලෙන් මෙහෙයුම් 639ක්, කොළඹින් මෙහෙයුම් 44ක් වශයෙන් සම්පූර්ණ මෙහයුම් 683ක් කරල තියනව. මේ එකකට ඇවන්ගාඞ් මැරිටයිම් සමාගම අයකරපු මුදල ඩොලර් 3500යි. ඒ අනුව මිලියන 334ක ආධායමක් ලංකාවට ලබාදීල තියෙනව. මේ මුදල් අපිට පඩි ගෙවන්න, අපි සේවය ගන්න ආයතනවලට හිලව් කරන්න වියදම් කරල, මේ ආදායමෙන් 40%ක් නාවික හමුදාවට හා රත්නාලංකා ආරක්ෂක සමාගමට ගෙවන්න අපි බැඳිල හිටිය. අදත් බැඳිල ඉන්නව. ඊට පස්සෙ ඔක්තෝම්බර් මාසෙ ගාල්ලෙන් මෙහයුම් 685 ක් කොළඹින් මෙහයුම් 39 ක් සහිතව මෙහෙයුම් 724 ක ප්රවර්ධනයක් කරල තියෙනව. ඒක සැප්තැම්බර් මාසෙ මෙහෙයුම්වලට වැඩිය බෙහෙවින් ඉහළගිය මෙහෙයුම් ප්‍රමාණයක්. මේ අනුව ඩොලර් මිලියන 354ක මුදලක් ලංකාවට ලැබීමට නියමිත වුණා. නමුත් මේ ඉකුත් සති අන්තයේ පුවත්පත් වලට ආරක්ෂක අමාත්‍යාංශ්‍ය හා නාවික හමුදාපතිතුමා කියන විස්තර අනුව නොවැම්බර් මාසයට ඔවුන් කරල තියෙන්නෙ මෙහෙයුම් 652යි මේ 652කම ගාල්ල සහ කොළොඹ ආශ්‍රිතව සිදුකරන ලද මහෙයුම්. එයින් ඩොලර් 2500 බැගින් වූ විට ලංකාවට ලැබෙන්නෙ මිලියන 228යි. එතනම මිලියන 126ක වෙනසක්. මේක ව්‍යාපාර ප්රවර්ධනයක්ද? මිලියන 126ක් අඩුවෙන් උපයා ගැනීම ව්‍යාපාර ප්රවර්ධනයක් කියල කියනව නම් කොකද හරි? නාවික හමුදාපතිතුමනි, මේ දේ බාර නොගෙන ඉන්න තිබුණ. ඔබතුමා මේ කෙරුවෙ රණවිරුවො හයදාහස් ගණනකගෙ රැුකියා අහිමි කිරීම පමණක් නෙමෙයි, තිස් අවුරුදු යුදදෙකට පස්සෙ සංවර්ධනය හරහා ලෝකයේ ඉදිරියට යන්න අඩිය තියන මුළු ලංකාවම තමයි ඔබතුමා මිලියන 126කින් බාල්දු කරල තියෙන්නෙ. එහෙම කරන්න එපා කියල අපි ඉල්ලනව. දැනටත් ඔබතුමාට අවස්ථාව තියෙනව මේ තත්ත්වය තෙරුම් අරගෙන නිවැරදි වෙන්න.
ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ දේශපාලන අරමුණු සඳහා යොදාගතයුතු ආයතනයක් නෙමේ. බලලෝභි දේශපාලකයන් තමුන්ගේ අවශ්‍යතාවයන් මේ නාවික හමුදාව හරහා ප්‍රවර්ධනය කරගැනීම හිටපු රණවිරුවන් බොහොම අමාරුවෙන් විඳගතයුතු දෙයක්. ඒ වගේම ඔවුන් පාරට ඇද දැමීම නොකළයුතු දෙයක්.
අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා නිතරම මතක්කරන දෙය, දේශීය ව්‍යාපාර වැඩි දියුණු කරමින්, විදේශීය ආයෝජන ලංකාවට පැමිණීමේ සියලූ පහසුකම් ලබාදිය යුතුයි කියන එක. දේශීය ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කිරීමේ හා විදේශීය ව්‍යාපාරවල ආයෝජනයන් වැඩි කිරීමේ රජයේ අරමුණට අවස්ථාවාදි ලෙස විරුද්ධවීමක් තමයි නාවික හමුදාපතිතුමාගේ මේ ක්‍රියාකාරිත්වයෙන් අපි දකින්නෙ.
ඔවුන් හැමෝම කතාකරන්නේ මේ මිලියන 220ක් ලැබීම පිළිබඳවයි. අහිමි වූ දේ ඊට වැඩිය ගොඩක් වැඩියි. ගාල්ලෙන් සහ කොළඹින් විතරක් මේ මිලියන 226 අහිමිවෙලා තියෙනව වගේම, නාවික හමුදාපතිතුමාට සැලසුම් තියනව නම් අදටත් ඉදිරිපත් කරන්න පුළුවන් ලංකාවේ සමුද්‍රාරක්ෂකයන් සහ ඔවුන්ට සපයන අවි ආපසු ලංකාවට ගේන්න තියෙන සැලසුම මොකක්ද කියල. අපි එය කරන කාලෙ ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමට අනුබද්ධිත මෙහෙයුම් මධ්‍යස්ථාන ලෝකයේ රටවල් ගණනාවක තිබුණ. අපි විසින් ක්‍රියාත්මක කරපු පාවෙන අවි ගබඩාවන් තිබුණ. මේ හරහා ලංකාවෙ රජයට අයිති අවි ආයුධ නැවත ආරක්ෂා සහිතව ලංකාවට පැමිණෙන බවට තහවුරු කෙරුව. අවි ආයුධ 178ක් නැති වුනේ අපි මේක බාර ගන්න කලින්. අපි ඒ දේවල් හොයල දීල තමයි මේක බාර ගත්තෙ. අපි ක්‍රියාත්මකවන කාලය ඇතුළත කිසිම අවියක් නැතිවෙලා තිබුණෙ නැහැ.
ඉදිරි මෙහෙයුම් මධ්‍යස්ථාන හරහා ලංකාවට විශාල ආදායමක් ලැබුණ. ලංකාවේ අවි ආරක්ෂා සහිතව නැවත ලංකාවට ලැබීම, ලංකාවෙන් පිටත්වන සමුද්රාරක්ෂකයින් ආරක්ෂා සහිතව ආපසු ලංකාවට පිටත්කර එවීම ඇතුළු සියලූ දේ කෙරුවෙ ඇවන්ගාඞ් මැරිටයිම් පුද්ගලික සමාගම ලෝකය පුරා ව්‍යාප්තකර තිබූ ඉදිරි මෙහෙයුම් ජාලය හරහා. රත්නාලංකා ආරක්ෂක සමාගමේ නියෝජිතයනුත් ක්‍රියාත්මක වුණා. ඔවුන් ක්‍රියාත්මක වීම අදට නතරවෙලා තියෙනව. මේ අවි ලංකාවට නැවත ලැබෙනව කියල තියෙන සහතිකය මොකක්ද? ඉදිරි මෙහෙයුම් ජාලයෙන් කරනලද සේවය විදේශීය නාවික සමාගම්, විදේශීය සමුද්‍රාරක්ෂක සමාගම් ලංකාවේ ලබාගන්න ඉදිරිපත් වුණා. අද ඒ ප්‍රවර්ධනය කරන්න කවුරුතවත් නෑ. අපේ සමාගම සතුව තිබුණු ව්‍යාපාරික ප්‍රවර්ධන ජාලය අඩපන කරල, ව්‍යාපාරයක් කරන්න පුලූවන් කෙනෙක් මේ දේ කරගෙන යන්න තිබුණ. ප්‍රවර්ධනය කියල ඔවුන් කියන්නෙ විනාශකරන එක. මේ පිටත් කළ අවි සහ පිටත්වෙන අවි ගුවනින් සහ නාවික ප්‍රවාහන මාර්ග වලින් ප්‍රවාහනය කරන්න අවසර තිබුණු ඇවන්ගාඞ් මැරිටයිම් සමාගම අද ඒ ක්‍රියාන්විත නවත්තල තියෙනව. එතකොට මේ අවි ප්රවාහණය කිරීම හරහා ලැබුණු විශාල විදේශීය විනිමයට මොකද වෙන්නෙ? ඒ ගැන කවුරුත් කතාකරන්නෙ නෑ.
සමුද්රාරක්ෂකයින් පුහුණු කිරීම ගැන බැලූවොත්, මේ සමුද්රාරක්ෂකයින් හැටියට කටයුතු කෙරුවෙ විදේශීය හමුදාවන්හි සේවය කර විශ්‍රාම ගිය පිරිස. අපේ ලංකාවේ පිරිස වගේම. ඔවුන්ට මාස හයකට, අවුරුද්දකට පස්සෙ නැවත අවි පරිහරණය පුරුදුකරගත යුතුව තිබෙනව. මේ කටයුතුත් ආරක්ෂක අමාත්‍යංශයෙ පූර්ණ අධීක්ෂණය හා අනුමැති ඇතිව රත්නාලංකා ආරක්ෂක සමාගමේ සහයෝගීතාවයෙන් ඇවන්ගාඞ් මැරිටයිම් සමාගම සිදුකරමින් තිබුණ. අද ඒක නැවතිල. ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය නැතිව නාවික හමුදාව කරල තිබුණ. අපි ඔවුන්ට කිව්ව ඒක කෙරුවට කමක් නැහැ එය නීති විරෝධීද? නීත්‍යානුකූලද කියල ඔප්පු කරන්න තියෙන්නෙ ඔවුන් සතුව, නමුත් එයට අදාල ඡුායාරූප වෙබ් අඩවිවලින්, සමාජ ජාල වලින් ප්‍රචාරය කරන්න එපා කියල. නමුත් ඒක දැනටත් නතර වෙලා නෑ. එයට අදාල ඡුායාරූප අන්තර්ජාලයේ තියෙනව.
නාවික හමුදාපතිතුමා කියල තිබුණ ඇවන්ගාඞ් කරපු දේ නාවික හමුදාව ඒ විදිහට කරනව කියල. අපි කියනව රටින් පිට ගෙනියන ආයුධයක් ආපසු රටට ගේන්න තියෙන සැලසුම් මොකක්ද කියල පෙන්නන්න කියල. අපි කරගෙන ආව දේ කඩාකප්පල් කෙරුව නම්, ලංකාවට ලැබෙන්න තියෙන ආදායම, ලංකාවට ලැබෙන්න තියෙන කීර්තිනාමය, ව්‍යාපාර ප්‍රවර්ධනය කඩාදාලා ඔබතුමා මොකකට ලෑස්ති වෙන්න? නාවික හමුදාපතිතුමනි, ඔබතුමා දේශපාලඥයන් කිහිප දෙනෙකුට රැුවටිලා විනාශ කරගෙන යන්නෙ බොහෝ කාලයක් යුද වැදිල, ලේ දහඩිය හෙළලා ඔබතුමා විසින්ම රැුගත්තු කීර්තිනාමය. තව කාටහරි නිල ඇඳුමෙ ගෞරවය තියාගෙන ඔය පුටුවෙ වාඩිවෙන්න ඉඩ තියන්න. මේ ලැජ්ජ කරන්නෙ හමුදා නිල ඇඳුමට. හමුදා නිළ ඇඳුම් ඇඳපු විශ්‍රාමික රණවිරුවන්ට මේ ලැජ්ජ කරන්නෙ.
ඔබ මේ විනාශකරගෙන යන්නෙ, බොහොම අවදානම් සහිත තීරණයක් අරගෙන, ඒ අවදානම් සහිත තීරණ යථාර්ථයක් බවට පත්කරගත්තු, අතිගරු ජනාධිපතිතුමා, සහ අතිගරු අගමැතිතුමා විසින් දේශීය ආර්ථිකය, දේශීය කර්මාන්ත, රණවිරුවගෙ සුභ සිද්ධිය ගැන කතාකරගෙන යද්දි, ඒවා වැඩි දියුණු කිරීම ගැන සැලසුම් කරගෙන යද්දි ඒවා විනාශ කිරීමේ මාර්ගයක්. යහපාලනයට විරුද්ධව ගෙනයන ලොකුම ව්‍යාපාරය තමයි නාවික හමුදාපති තුමා මේ වෙනකොට කරගෙන යන්නෙ.
මනෝජ් රූපසිංහ.
