එදා සුනාමි රල අතර සැ`ගව ගිය දොළොස් වයසැති නිමේෂාගේ කඳුළු කතාව.

Tsunsmi no 2 - Nimesha -  copy 2දියණිය මගේ රුදු රළ ගෙන          ගියාදෝ
දිවියම මගේ සෝ සුසුමක්             වුනාදෝ
මේ භවයෙදී දුව යළි හමු           නොවේදෝ
සසරේ හැම භවයේ මගෙ දුව      වෙනවාදෝ

සුනාමියෙන් ඉක්බිති වසර එකොළහක් ගෙවී යන මේ මොහොතේ මාතර වෙරළ තීරයේ කළ චාරිකාවක දී සෝබර කතා, මෙන්ම ඇදහිය නොහැකි කතා රැුසක් අපට අසන්නට ලැබුණි. මා මෙසේ ඔබ හා බෙදා ගන්නට වෑයම් කරනුයේ ඉන් ස්වල්පයක් පමණි. මේ ඔබ වෙත ගෙනෙන දෙවන කතාංගයයි.

ඩිලිනි පේ‍්‍රමරත්න මහත්මිය සුනාමියේ දී මුහුණ දුන්න දුක්බර අත්දැකීම ඇගේ ම වදන් වලින් වලින් පැවසීම වඩා සුදුසුය යි මා සිතුවා. අපි ඇගේ කතාව කියන්න ඇයට ම ඉඩ දෙමු.

ඒ කඳුළු දෙසැම්බර් මාසේ 24 වෙනිදා, අපේ ගෙවල් අසල සංස්කෘතික ප‍්‍රසංගයක් තිබුණා. ඒක පැවැත්වුනේ අපේ ඥාති සොයුරියක් විවාහ වී සිටින නෙදර්ලන්ත ජාතිකයෙකුගෙ මිතුරන් පිරිසක් වෙනුවෙන්. ඒ පිරිසට දකුණු පළාතට ආවේණික බලි තොවිල්, දහඅට සන්නිය වගේ දේවල් දකින්න උවමනා වී තිබුණා. මේ ප‍්‍රසංගය බලන්න අපිත් ගියා. ගිහිල්ලා එළිවෙන යාමේ තමයි ගෙදරට ආවේ. කලින් දා ගොඩක් නිදි මැරුවත් මමයි, මහත්තයා සංජීව නිරෝෂනුයි, එවකට වයස 12 ක් ලබාලා හිටපු දුව සචිනි නිමේෂා ජයවික‍්‍රමයි වෙනදා වගේම උදේ නැගිට්ටා. මම එතකොට දරුවෙක් බලාපොරොත්තුව ඉන්න මාස අටක ගැබිණි මවක්. දුව මුහුණ කට හෝදලා බුදු පහන තියලා, මල් පූජාකරලා ගාථා කියලා වැන්දා. මම මිදුල අතුගගා හිටියා. මහත්තයා ලව් බර්ඞ්ස්ලා ඉන්න කූඩුව ගාවට ගිහින් උන්ට කෑම දුන්නා. කවදාවත් නැතිව කූඩුවේ සත්තු අඩුවෙලා හිටියා. මහත්තයා අපිට කතා කරලා ලව්බර්ඞ්ස්ලා අඩුයි කියලා කිව්වා. කූඩුවේ දැල අස්සෙන් රිංගලා යන්න පුළුවන් සත්තු සේරම ඉගිලිලා ගිහිල්ලා. අපි එකිනෙකාගෙ මුහුණ බැලූවේ කවදාවත් නැතිව උන් කූඩුව අත්හැරලා ගිය හේතුව ගැටළුවක් වූ නිසා.

අපි ඒ ගැන කතා කරමින් ගේ පිටුපස පැත්තට ගියා. අපේ දණක් විතර මුහුදු රැුළේ ඇවිල්ලා ආපහු ගියේ වෙනදටත් වැඩිය වෙරළ තීරුව වැඩි කරමින්. කාලෙකට මෙහෙම මුහුද ගොඩගලන නිසා අපි ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. මහත්තයා කිව්වා යමු යමු ගෙට යමු කියලා. දුවව ආච්චිලෑ ගෙදරට පිටත් කරලා යැව්වා. අපි දෙන්නට ගේ ඇතුළට ගිහිල්ලා දොර වහගන්න වුනේ නෑ. ඊළ`ගට ආව විශාල රළ පාරට අහුණා. දරුවා ගහගෙන ගිහින් ගහක් අල්ලගෙන ඉන්නවා දැක්කා. ගෙවල් ළ`ග ලොරියක් පොල් කොට උඩ තියලා තිබුණා. මාව පාවෙලා ඒ පැත්තට ගියා. මම ඒකට ගොඩවෙලා පොල් පරාළයක් අල්ල ගත්තා. ඊළ`ගට ආවේ විශාල රළ පහරක්. ඒක ආවේ ගෙවල් දොරවල් සේරම යටකරගෙන. ගෙවල් වලට ඉහළින් ජලක`ද ගොඩ ගැලූවා. මාව ලොරියෙන් එළියට විසිවෙලා ලොරිය යටට වැටුණා. දැන් ලොරිය ගොඩබිම දෙසට පාවෙනවා. ඒක යටින් මාවත් තල්ලූවෙලා යනවා. මමත් එල්ලිලා හිටිය විදිහටම හිටියා. මට සිහිකල්පනාව තිබුණා. වතුර මතුපිටට මතුවෙලා පීනන්න හිතුණත් මට ඉහළින් ඒ හා සමාන්තරව ලොරියත් ඉදිරියට තල්ලූවෙන නිසා උඩට මතුවෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. අන්තිමට ලොරිය පාවෙලා ගිහින් බෙලි ගහක හැප්පුණා. මම වතුරින් මතුපිටට ආවා. මගෙ ඇවිල්ලා අතට අහුවුන යමක් අල්ල ගත්තා. මම අල්ලගෙන තියෙන්නේ වයර් කම්බි වගයක්. ඒ කියන්නේ මම දැන් ඉන්නේ ලයිට් කණුවක තරම් උසක. මම වටපිට බැලූවේ දුව ඉන්නවද කියලා. දුව පේන්න නෑ. ඒ වෙලාවේ මට හිතුන දේ වචනයෙක් කියන්න බෑ. දුව පේන්න නැති නිසා මට කලන්තෙ හැදිලා ආයෙත් වතුරට වැටුණා. එතන හිටිය ළමයෙක් කෑ ගැහුවා. ‘දේවි’ අක්කා වතුරට වැටුණා  කියලා.  ඊට පස්සේ මම වතුරේ පාවෙලා ආව රෙද්දක් ඇ`දගත්තා. මම දරුවා ඉල්ලලා කෑ ගැහුවා. මහත්තයා ඇවිල්ලා මාව ගෙදරක උඩතට්ටුවකට එක්කගෙන ගියා. මම මගේ රත්තරන් දුවව ඉල්ලලා කෑගහනවා. මහත්තයා දුවව හොයන්න පිටත් වුණා. ඒත් එක්කම තවත් වතුර පාරක් ආවා. ඒ වතුර පාරෙන් අපි හිටපු උඩ තටුටුව පිරුණා. එතන තිබුණ අඹගහක අත්තක් අල්ලගත්තෙ නැත්නම් මම ආයෙත් ගහගෙන ගිහින් නිල්වලා ග`ගට වැටෙනවා. ඒ වෙනකොට මගේ කකුලේ කෑල්ලක් නෑ. අ`ගල් හතරක විතර තුවාලයක් වෙලා. ඇ`ග හැමතෙනම සීරීම් තුවාල. ඒත් මගේ බඩට කිසි තුවාලයක්වත්, හානියක්වත් නෑ.

වතුර බැහැලා ගියාට පස්සේ හමුදාව, ස්වේච්චා සංවිධාන මැදිහත් වෙලා අපිව කොටුවෙන් පිටතට අරන් රෝහල් ගත කළා. දරුවෙක් ලැබෙන්න ඉන්දි සුනාමියට හසුවුණ මම  ඊට පස්සේ අවුරුද්දේ ජනවාරි 28 වෙනිදා දරුවා ලැබෙනකම්ම මම හිටියේ කරාපිටියේ රෝහලේ. මම හැමදාම මගේ දුව ඉල්ලලා කෑ ගැහුවා, ඇ`ඩුවා. හැපුණා. වෛiවරු මගේ හිත හදන්න ගොඩක් මහන්සි වුණා. දුව ඊළ`ග අවුරුද්දෙ හත වසරට ඉහළින්ම සමත් වෙලා හිටියේ. නැටුම්, ගැයුම්, වැයුම් වලට දුව හරිම දක්‍ෂයි. ඒ වගේම හරිම ලස්සනයි. දුවගේ වැඩ හරිම පිළිවෙලයි. දුව ගියේ මාතර කොටුවෙ ජනාධිපති විiාලයට. අපි විතරක් නෙමෙයි එයාගේ මිතුරියොත් වසර එකොළහක් ගිහිල්ලත් තවම එයාව මතක් කරලා අ`ඩනවා.

දුව අල්ලගෙන හිටිය අත්ත අතඇරිලා වතුරට ගහගෙන යනකොට වහලක් උඩ හිටපු සෝමේ මාමා කියන කෙනා දැකලා තියෙනවා. දුවත් ඒ මාමව දැකලා තියෙනවා. දුව අතක් උස්සලා කෑගහලා කිව්වලූ ‘මාමේ මාව බේරගන්න, සෝ්මේ මාමේ මාව අල්ලගන්න.’ කියලා. ඔහුට  දියණියව බේරගන්න  ඕන කියල හිතන්නවත් කාලය ඉඩ නොතියා ඇයව නොපෙනි ගිහිල්ලා.  ඒ ජල රකුසාත් එක්ක කොහොම සටන් කරලා බේරෙන්නද…? ඒ රළට ගිහගෙන ගිය බොහෝ දෙනෙක් ගේ සිරුරු ගෙ`ගන් එගොඩ තොටමුණ හරියේ තිබිලා පස්සේ හමු වුණා. ඒත් අපේ දරුවා ඒ අතර හිටියෙ නෑ.
ඊට පස්සේ අවුරුදු ගණනක් යනකම් අපි අපේ දරුවව හොයනවා. දරුවා අපිව දාලා ගියා කියලා කොහොම හිතන්නද? තවමත් සිය දියණිය හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින ඩිලිනි පේ‍්‍රමරත්න මහත්මිය අදත් නෙතින් ගලන උණුසුම් ක`දුලින් අප හා පැවසුවාය.
ඇගේ සියා වන පේ‍්‍රමරත්න මහතා අප සම`ග පැවසුවේ තම මිණිබිරිය මාස ගණනක් තිස්සේ සෙව්වමුත් හමු නොවූ නිසා, පොලීසියේ ඇති මියගිය අයගේ ඡුායාරූප පරීක්‍ෂා කර බැලූ බවය. එවිට අතුරුදහන් වූ දියණියගේ යයි සැක සිතිය හැකි ඡුායාරූප කීපයක් ඒ අතර තිබූ බවත්, ඇයගේ ස්වරූපයට ආසන්න රුවක් හා කොණ්ඩෙන් ඒ ඇය කියා අනුමාන කරන බවත්ය. ඒ සේයාරුවේ සිිටියේ ඇය නම්, පන්සියයකට ආසන්න පිරිසක් මිහිදන් කරන ලද සමූහ මිනිවළෙහි ඇය ද මිහිදන් වන්නට ඇත. එහෙත් ඒ බවක් ඔහු තම දියණියට එනම් මියගිය දියණියගේ මවට කෙසේ නම් කට ඇර කියන්නද? ඔහු සිය මිණිපිරියගේ කණගාටුදායක ඉණෙම ගැන සිය දියණිය ඉදිරියේ මුණිවත රැුක්කද සෙසු අය සම`ග පවසන ලද තොරතුරු පසුකලෙක ඇයට දැනගන්නට ලැබෙන්නට ඇත. එහෙත් ඇගේ සිත තවමත් සිය ආදරණීය දියණිය වෙනුවෙන් හ`ඩා වැටෙයි. ඇගේ පැතුම, ‘තම ආදරණීය දියණියට සසර වසනාතෙක් යළි මෙවන් රුදුරු ඉරණමකට ලක් නොවේවා! උපදින හැම ආත්මයකදීම මගේම දියණිය වී ඉපිද, දීඝායු වි`ද, සසර කෙළවර අමා මහ නිවන් සැප ලැබේවා!’ යන්නය. ඒ හුරුබුහුටි, දක්‍ෂතා වලින් සපිරි දියණියට ‘සසර සැරිසරන තුරු මෙවන් අකල් මරණයක් උරුම නොවී, සසර කෙළවර අමාමහ නිවන් සුව ලැබේවා! යි අපි ද ප‍්‍රාර්ථනා කරමු.

මෙම තොරතුරු එක්රැුස් කිරීමේ දී සහය වූ කොට්ටාව සාර ප‍්‍රකාශන ගාමිණි වීරක්කොඩි සහ මාතර පී.බී. පේ‍්‍රමරත්න යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය හිමිවේ.

ඡුායාරූප හා විස්තරය මනෝජ් රූපසිංහ.

ඡුායාරූපය – එදා දොළොස්වෙනි වියේ දී සුනාමිය උදුරා ගත් ගුණ නැන හා රුවින් යුත් සචිනි නිමේෂා දියණිය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *