නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයට තබාගන්න අවශ්‍ය නෑ- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ ප්‍රභල විවේචන මතු වී තිබේ. මතු වී ඇති ප්‍රශ්න හේතුකොටගෙන නීතිපතිවරයා පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා ප්‍රශ්න කළයුතු බවට ද යෝජනා ඉදිරිපත් විය. එම යෝජනාවට එරෙහිව ශ්‍රි ලංකා නීතිඥ සංගමය යෝජනාවක් ද සම්මත කළහ. නීතිපතිවරයා එසේ කැඳවීම නෙකාකළයුතු බව මා ද පිළිගන්නා නමුත් අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට ජනතාවගෙන් එල්ලවන මේ චෝදනා පිළිබඳ අපි සැළකිලිමත් විය යුතුයි. අපගේ පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ ද සැළකිල්ල මෙයට යොමුවිය යුතුයි. ඒ අනුව එම ආයතන දෙකේ සිදුවිය යුතු වෙනස්කම් කරන්නට අවශ්‍යයි. ඒසේ නොවුනහොත් මේ අංශ දෙක කෙරෙහි ජනතාවගේ ඇති විශ්වාසය බිඳවැටෙනු ඇත. එය සමස්ථ ක්‍රමයේම කඩාවැටීමට ඇතිඉඩකඩ කිසිසේම බැහැර කළ නොහැක.
තව ද මේ නීතිපති දෙපාර්තමේන්තුව පරණ විදියටම තියාගන්නට අවශ්‍ය නැත. ආණ්ඩුවක් බලයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් බලයටපත් වූ පසු නව නීතිපතිවරයෙක් පත්කරගැනීමට අලුත් ආණ්ඩුවට අයිතියක් තිබිය යුතුයි. අපි පුද්ගලික නඩුවක් දැම්මත් අපිට විශ්වාස නැති නීතිඥයෙකු ළගට අපි යන්නේ නැත. ඒවගේ තමන්ට විශ්වාසය ඇති නීතිඥයවරයෙකු නීතිපති ලෙස පත්කරගැනීමේ අයිතියක් නව ආණ්ඩුවට තිබියයුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *