තාජුදීන් ඝාතකයා මහින්දගේ රියැදුරෙක්
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ ප්‍රධාන සැකකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරකු ලෙස කටයුතු කල කැප්ටන් තිස්ස නම් තැනැත්තා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග කියයි . මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපත ලැබුවකු බව කියන මොහු රාජපක්ෂ පාලන සමයේ ප්‍රබල චරිතයක් වූ බව කියති . හමුදාවේ සාමාන්‍ය සෙබළකු ලෙස ජීවිතය ඇරඹු මොහුට පසු කාලයේ නිවාස ගණනාවක හිමිකම තිබු බවත් විශාල දේපලකට හිමිකම් කියූ බවත් වාර්තා වෙයි .
මේ අතර මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද රහස් පොලිස් ආරංචි මාර්ග කියයි .
