විග්නේශ්වරන් අලුත් සංවිධානයක් හදයි

උතුරු පළාත් මහා ඇමති සී වී විග්නේශ්වරන් මහතා දෙමල ජාතික සභාව නමින් වෙනම සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා කියයි . ඊයේ (සෙනසුරාදා ) යාපනයේ පවතී රැස්වීමකින් පසුව මෙම සංවිධානය පිහිටුවා ගත් බව වාර්තා වීය . එම රැස්වීමට තිස් දෙනකුට ආසන්න පිරිසක් සහභාගී වී සිටි බව කියති . මෙය විග්නේශ්වරන් මහතා දෙමල ජාතික සන්ධානයෙන් ඉවත්වීමේ මුල් පියවර වියහැකි බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

දෙමල ජාතික සන්ධානයෙන් තරගකොට උතුරේ මහා ඇමති පදවියට පත් විග්නේශ්වරන් මහතා පසුව එම පක්ෂය සමග ගැටුම් ඇතිකරගත් බව වාර්තා වීය . මෙලෙස නව සංවිධානයක් බිහි කිරීම එම ගැටුමේ ප්‍රතිපලයක් බව පැහැදිලිය .එසේ උවද විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙය දේශපාලන නොවන සංවිධානයක් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *