සුනාමි රල සමග සටන් කළ කතකගේ මතකය

මුහුද ගොඩ ගැලීම හුදු මනඃකල්පිතයක් ලෙස සිතා සිටි අප ඒ සැබෑ අත්දැකීම බියකරු ලෙසින් අත්වි`දගත් ඒ රුදුරු මොහොත ගෙවී වසර එකොළහක් ගත වී තිබේ. සුනාමිය ලෙසින් අපගේ භාවිතයට පැමිණි එම ඛේදජනක සිදුවීම අත්වි`දි දහස් සංඛාත පිරිසක ගේ ක`දුළු සහ සෝ සුසුම් විවිධ මාධ්‍ය ඔස්සේ වසර ගණනාවක් අප වෙත ළ`ගා වූ අයුරු ඔබට මතක ඇති. එහෙත් සුනාමියේ අප නෑසූ ක`දුළු කතා මෙන්ම සුනාමිය පරදා ජයගත් වීර කතා තවත් තිබේ.
සුනාමියෙන් ඉක්බිති වසර එකොළහක් ගෙවී යන මේ මොහොතේ මාතර වෙරළ තීරයේ කළ චාරිකාවක දී සෝබර කතා, මෙන්ම ඇදහිය නොහැකි කතා රැුසක් අපට අසන්නට ලැබුණි. මා මෙසේ ඔබ හා බෙදා ගන්නට වෑයම් කරනුයේ ඉන් ස්වල්පයක් පමණි.
සුනාමි රකුසාට යටත් නොවී රුදුරු ජල රළ සම`ග
බිහිසුනු සටනක් කර ජයගත් කතකගේ වී්‍ය_ය පාරමිතාව
එකොළොස් වසරකට පසු කරන හෙළි කිරීමක්.

වෙදගේ ලක්‍ෂ්මී ප‍්‍රියදර්ශනී කතෝලික කාන්තාවක් නොවූව  ද ඇය 24 වනදා රාත‍්‍රී පල්ලියේ පැවැත්වෙන විශේෂ නත්තල් පූජාවට සහභාගී වූයේ කතෝලික භක්තිවන්තියක වූ ඇගේ නෑනාකෙනෙක් වන දිස්නා ගේ තනි නොතනියටය. එසේ නොවූව ද මූදුකරේ ජීවත් වන බෞද්ධයන් ද උදුවප් සීතලත් සම`ග එන නත්තලේ පංගු කාරයන් වූයේ ආගමික සහජීවනය ගැන අලූතෙන් පාඩම් ඉගෙන ගත් නිසා නොව, දුරාතීතයේ සිටම තම අසල්වැසි කිතුණු බැතිමතුන් සම`ග එක්ව නත්තල් උත්සවය සැමරීමට පුරුදු වී සිටි බැවිනි.
රාත‍්‍රී දොළහේ පූජාව අවසන් ව ඔවුන් පාගමනින්ම නිවසට පැමිණියහ.  ඔවුන් පල්ලි කඩපොළින් ගත් බූන්දි, රටකජු ආදිය කමින් නිවසට එන මග දිගට දිස්නාට විහිළු තහළු කළේ ඇය නෑදෑකමට තම නෑනා වූවාට නෑකම ඉක්මවා යන මිතු දමකින් ඔවුන් වෙළී සිටි බැවිනි. ඔවුන් පල්ලි ගොස් එන අතරතුර නිවස අසල පැවැත්වුණ සංස්කෘතික ප‍්‍රසංගයක් අසල ද මොහොතක් නතරව එය නැරඹූහ. එය විදේශිකයන්ට ශ‍්‍රී ලංකාවේ පහත රට නැටුම් දැක ගැනීමට ඉඩහසර සැලැස්වීම ස`දහා සංවිධානය කළ සංස්කෘතික ප‍්‍රසංගයකි.
යමු දිස්නා. උදේම නැගිටින්නත්  ඕනි. හෙට විශේෂ කෑමක් පිළියෙල කරන්නත් තියෙනවා නේද?
ප‍්‍රියදර්ශනී තම නෑනාට කීවාය. දිස්නාට ප‍්‍රියදර්ශනී කෙරේ ඇති වූයේ දැඩි සෙනෙහසකි. ඒ ඇය අන්‍යාගමික තැනැත්තියක් වුවද තමා අදහන ආගමේ උත්සවයක් වෙනුවෙන් උනන්දුවන නිසාය.
හා…. යමු.. යමු…. අක්කේ….,
කියමින් ඇය දුවගෙන විත් මදක් ඉදිරියෙන් ගිය ප‍්‍රියදර්ශනී ගේ බ`දවටා අතක් දමාගෙන ඇය හා එක්ව නිවසට ආවාය. රාත‍්‍රී දෙක ට පමණ නිවසට පැමිණි ඔවුන් නිදා ගත්තේ හෙට දින උදාවන නත්තල් උත්සවයේ ප‍්‍රීතිය වි`දගැනීමේ අපේක්‍ෂාවෙනි.
උදා වූ දිනය ඔවුන්ට විශේෂ වූයේ එය කිතුනු සමිදාණන්ගේ උපත සමරණ නත්තල් උත්සවය වූ බැවිනි. කලින්දා නිදි වැරුවද වෙනදාටත් කලින් අවදිව ඔවුන් මූණ කට සෝදා ලක ලෑස්ති වූයේ නිවසට ’නත්තල් එන’ අමුත්තන් පිළිගතයුතු වූ නිසාවෙනි. එදින නිවසේ  ප‍්‍රියදර්ශනීගේ සැමියාගේ මව වන ඇගේ නැන්දනිය වූ අනුලාවතී, ආච්චි එන්සොහාමි, පේ‍්‍රමවතී ලොකු අම්මා, නන්ද්‍රාවතී නැන්දා, ඇගේ දුව හිරුණි දේශානි, නෑනා වන දිස්නාත් ඇගේ සැමියා කවිශ්ක සහ තවත් කීපදෙනෙක් සිටියහ. ඔවුන් නොයෙක් වැඩපල කරමින්, සතුටු කතාබස්වල යෙදෙමින් සිටිය දී දෙස මුහුද දෙසින් මහා ඝෝෂාවක් සම`ග පිරිසක් කෑගසන හ`ඩක් ඇසී ඇත. මේ එතැන් සිට ඇගේ වදන් වලින් හෙළිදරව් වන අත්දැකීමයි.
උදේ මම සාලය අතුගාමින් හිටියා. අනිත් අය වෙනත් වෙනත් වැඩ කරමින් හිටියා. එකපාරටම කෑගහන හ`ඩක් ඇහුණා.  නෑනයි මමයි ළමයි දෙන්නත් අරන් මුහුද පැත්තට දිව්වා. වෙනදාට වඩා අහසත් අ`දුරුයි, මුහුදත් කැළඹිලා. මුහුදෙ වතුරත් අඩුවෙලා වෙනදට වැඩිය වැල්ල පේනවා. මුහුද ටිකක් ඈතට ගිහිල්ලා වගේ. මොකක්ද මේ වෙනස කියලා හිතාගන්න අමාරු වුණා. අපි හිතුවේ වාරකන් රැුළේ එනවයි කියාලා. ඩිලාන් අයියා බොට්ටු ගහගෙන යයි කියන බයට ඒවා ගොඩට අදින්න ගියා. එයා ගියේ ‘බෝට්ටු ගොඩට අදින්න’ කියලා අනිත් කට්ටියටත් කෑ ගහමින්. ඈතින් විශාල රැුළක් එනවා දැකලා නෑනයි, මමයි ළමයි දෙන්නත් අරන් ගොඩට යන්න දිව්වා. ඒ ආව රැුළේ (මුහුදු රැුල්ල* මගේ පපුව ගාවට ආවා. මම දරුවා හිසට උඩින් උස්සගෙන ‘අනේ මගේ දරුවා… බේරගන්න….’ කියලා කෑගහමින් ගොඩබිම දිහාට යන්න ගියා. මට කල්පනා වුනේ මගේ ජීවිතේ බේරගන්න විදිහක් ගැන නෙමෙයි දරුවව බේරගන්න විදිහක් ගැන. ඒ එක්කම තවත් රළපහරක් ආවා. ඒ රළ පහර කොහෙත්ම බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. හරි වේගයෙන් ගොඩට ගැහුව රළ පහරක්. දරුවා මගේ අතින් විසි වුණා. එයා එකපැත්තකටත්, මම එකපැත්තකටත් වැටුණා.
රළ පහරට අසුවුණ මාව වේගෙන් ගහගෙන ගියා. මට තේරුණා මම ගහගෙන ගිහිල්ලා වැටුණෙ ග`ගට කියලා. ග`ග ද ගොඩබිම ද කියලා හොයන්න බැරිතරම් වතුර පිරිලා තිබුණත් ග`ග දිගේ වතුර පහර උඩට ගහන හින්දා මට තේරුණා මම දැන් ඉන්නේ ගෙ`ග් කියලා. මම ග`ගදිගේ උඩහට ගහගෙන යනවා. ඒ එක්කම මම දැක්කා කෙසෙල් කොටයක් පාවෙනවා. මම කෙසෙල් කොටේ බදා ගත්තා. මේ සිහිනයක් ද සැබෑවක්ද කියලා හිතාගන්න බැරිතරම් අමාරු වුණත් මම කල්පනාවෙන් හිටියා. මට මතක් වෙන්නෙම මම මෙහෙම ඉන්නවා. මගෙ දරුවට අනෙක් අයට වුණේ මොකක් ද කියලා.
පරම්පරා ගාණක් ජීවත් වෙන්න ආදායම් මාර්ගය හොයලා දුන්න මුහුද රකුසෙක් වගේ අපිව ගිලගන්න ආවේ හීනෙකින්වත් නොහිතපු විදිහට. මිතුරෙක් වෙලා හිටිය අපේ මුහුද රකුසෙක් වගේ් ආවත්, මමත් මගේ සටන අත හැරියේ නෑ. ග`ගට වැටුණ මාව ග`ග දිගේ ගොඩබිම පැත්තට වේගෙන් පාවෙලා යනවා. ඒ යනකොට මම දැක්කා මහත්තයා බෝට්ටුවක් උඩ නැගලා ඉන්නවා. බෝට්ටුවත් එක්ක එයා එහාට මෙහා පැද්දෙනවා මම කෙසෙල් කොටේ අත ඇරලා එයාට ඇහෙන්න කෑ ගහන්න උත්සහා කෙරුවා. මම මහත්තයව දැක්කත් එයා මාව දැක්කේ නෑ. මම ආපහු කෙසෙල් කොටේ බදාගන්න හැදුවත් මෙතෙක් වෙලා මාව බේරගත්ත කෙසෙල් ක`ද මගෙන් නොපෙනෙන ඈතකට ගිහිල්ලා. ඒ එක්කම ඉහළට ගහපු වතුර පාර ආයෙත් ග`ග දිගේ මුහුදට වේගයෙන් ගලාගෙන ගියා. ඒ වතුපාරත් එක්ක මාව ගහගෙන ගිහින් මෝය කටින් මුහුදට වැටුණා. දැන් මම ඉන්නේ වැල්ලේ ඉ`දලා මුහුදේ මීටර් 200 ක් 300 ක් ඈතින් කියලා මට හිතුණා. මම බිම පය ගහන්න පුළුවන්ද කියලා බැලූවා. මට වැල්ල පෑගෙන්නේ නෑ. ඒ එක්කම මම දැක්කා පොල් පරාලයක් පාවෙනවා . අතක් දික්කරලා බොහොම අමාරුවෙන්  ඒක අල්ලගෙන මගේ බඩයටින් හරහට තියාගන්න මට පුළුවන් උණා. දැන් මට වතුර මත රැු`දිලා ඉන්න පුළුවන් කම තියනවා. ඊළ`ගට මට  ඕන වුනේ ගොඩබිම දිහාට පීනන්න. වෙනදා වගේ නෙමේ මුහුද බොරම බොරපාටයි. ලෑලි කෑලි, බැරැුල් වගේ එක එක දේවල් වටේට පාවෙනවා. මගේ ඇෙ`ගත් වැදෙනවා. රළ ගහන්න ගහන්න මාව පැත්තට පැත්තට පාවෙනවා. මාව ගැඹුරු මුහුදට පාවෙන්න නොදී ලී කොටේ බඩ මැදින් හරහට තියෙද්දිම අත් දෙකෙන් වාරු ගත්තා. මට හිතුණා දැන් දැන් මාව කවුරුහරි බේරගනියි කියලා. මම දැන් පරෙවි ¥ව පැත්තට පාවෙනවා. පරෙවි ¥වේ පන්සලක් තියෙනවා. මම දැක්කා සිල් ඇත්තෙක් ඇවිත් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවා ඒ බලා ඉන්නේ මා දිහා වෙන්න ඇති. දැන් මාව බේරගන්න කියලා කාට හරි කියයි කියලා. ඒ සිල් ඇත්තා ආපහු ගියත් මාව බේරගන්න ආවේ නෑ. ඒ ඇත්තො මාව දකින්න නැතුව ඇති. මාව මූහුදේ ඒ මේ අත පාවෙනවා. දැන් මාව දියඹට නෙමෙයි ගොඩබිම දිහාටයි රළත් එක්ක පාවෙන්නේ. මම ජීවිතේ ගැන බලාපොරොත්තු ඇතහැරියේ නෑ. මම ගොඩ බිම දිහාට එන්න උත්සාහ කෙරුවා. මට ලූණු වතුර පෙවුණා. ගොඩක් වමනේ ගියා. ඒ එක්කම මගේ ඇෙ`ග් මෙතෙක් වෙලා තිබුණ ශක්තිය අඩුවෙලා ගියා වගේ දැණුනා. ඒත් මම මගේ් චිත්ත ශක්තියට මාව දාලා යන්න දුන්නේ නෑ. වමනෙ ගියාට පස්සේ ටිකක් වෙලා නිසොල්මනේ හිටියා. දැන් මාව රළෙන් රළ ටිකෙන් ටික ගොඩබිම දිහාට පාවෙනවා. මට පේනවා පාළම දිගේ සෙන`ග ඒ මේ අත යනවා. මම හිතුවා කවුරුන් හෝ මාව දකියි, දැකලා බේරගනියි කියලා. ඒත් කාටවත් මා ගැන අවධානයක් නෑ. මට මම විතරයි පිහිට කියලා මට තේරුණා.
මම ඉස්සරහා ගල්පරයක් තියෙනවා. මම හිතුවා දැන් නම් මම බේරුණා තමයි කියලා. මම අමාරුවෙන් ගල්පරය අල්ල ගන්න හැදුවා විතරයි මාව ආයෙමත් මුහුදට ඇදලා ගත්තා. ‘මට බේරෙන්නම දෙන්නෙ නැද්ද? ඇයි මගේ ජීවිතේ උදුර ගන්නද හදන්නේ?’ කියලා මට හිතුණා. මාව ආයෙත් ටික ටික පාවෙලා දියඹට යනවා. මට සටනත්, ජීවිතයත් දෙකම අත්හැරලා පරාජය බාරගන්න සිද්ධවෙයි කියලා මම හිතුවා. මම පොල් ලීයේ උදව්වෙන් ටිකක්වෙලා නිසොල්මන්ව හිටියා. යළිත් වේගයෙන් රැුළේ එනවා. මම ඒ රළ පහරත් එක්කම, එක් අතකින් පිහිනමින් ගොඩබිමට පීනන්න උත්සාහකෙරුවා. දැන් ආයෙත් මම ගොඩබිම පැත්තට කිට්ටුවෙලා. මට දැන් පැහැදිළිව පේනවා පාළම උඩින් සෙනග කඩිසරව එහා මෙහා යනවා. ඒත් මාව බේරගන්න පාටක් නෑ. තවත් රළ පහරක් එක්ක තවත් ගොඩබිම දෙසට පාවුණා. දැන් සටනේ වාසිය මගෙ පැත්තට හැරිලා. මම හිතුවා මම ගොඩට යනවමයි කියලා. මම මෙහෙම ගොඩබිම පැත්තට පාවෙන ගමන් පොල් පරාලේ එල්ලිලා කකුලෙන් මුහුදු පතුල ස්පර්ෂ කෙරුවා කොයිවෙලාවේ හරි මගේ පය මුහුදු පතුලේ ගැවෙයි කියලා මට හිතුණා. එකපාරක් මගේ පය පොළොවේ ගැවුණා. ඒක වාසියක් කරගෙන මම පයින් වෙර යොදලා පොල් පරාළෙත් එක්ක තරමක් ඉස්සරහට තල්ලූ වුණා. තව සැරයක් එහෙම තල්ලූ වෙද්දි මගේ දෙපයම පොළාවේ වැදෙන තරමට ගොඩබිමට කිට්ටුවෙලා. මම දැන් දන්නාවා ‘ආයෙ නම් මුහුදට මාව ආපහු ඇදලා ගන්න බෑ.’ කියලා. මම මුහුදු රැුළ පසුකරගෙන ගොඩබිමට දිව්වා.
මම දුවගෙන ගියේ එදා පටාචාරවන් සිය සැමියයි, දරුදෙන්නයි අහිමිවෙලා පිස්සියක් මෙන් බුදුරාජාණන් වහන්සේ වැඩවෙසන ජේතවනාරාමයට දිව්වා වගේ. මම දුවගෙන ගියේ සෙන්ට් මේරිස් කොන්වට් එකට. මගේ ඇ`ගපුරාමත් හිසෙත් වැලි හා මඩ පිරිලා. මාව මඩ වලින් ආවරණය කරලා වගේ. එහි හිටපු ෆාදර් කෙනෙක් එතන හිටිය කෙනෙකුට කිව්වා මට ඇ`දුමක් දෙන්න කියලා. මට ඇ`දගන්න ඇ`දුමක් ලැබුණා. ඊට පස්සේ එතන හටපු සිස්ටර්ලයි, ගැහැණු උදවියයි මාව පිරිසි`දු කරලා රෝහල් ගත කෙරුවා. ගොඩබිමින් ග`ගටත්, ග`ගදිගේ ගොඩබිම දෙසටත් ආයෙත් ග`ගදිගේ මෝයකට හරහා මුහුදටත් වැටිලා. මුහුදෙ ජල රකුසා එක්ක සටන් කරලා කිලෝ මීටර් පහක් විතර මුහුදේ පාවෙවී ඉ`දලා ජයගත්තත් එදා මගේ ගෙදර හිටපු මගෙ සමීපතම ඥාතීන් හත්දෙනෙක් සුනාමි ජල රකුසා බිලි අරගෙන. මට හිතුණා ඇයි මම ජීවත් වුනේ කියලා. මම අද මියගිය අය වෙනුවෙන් පින්දහම් කරමින් ජීවත් වෙනවා.
සුනාමි රකුසා විසින් නිල්වලා ග`ගටත් ග`ගින් මුහුදටත් ඇද දැමූ ප‍්‍රියදර්ශනිගේ කතාව දුක්බර වුවත්, ආපදාවකදී නොසැලී, චිත්ත ධෛ්‍ය_යෙන් යුතුව මුහුණ දීමෙන් කෙනෙකුට ජය ලබා ගත හැකි බව කියන අපූරුආදර්ශවත් කතාවකි.
මෙම තොරතුරු එක්රැුස් කිරීමේ දී මට සහය වූ කොට්ටාව සාර ප‍්‍රකාශන ගාමිණි වීරක්කොඩි සහ මාතර පී.බී. පේ‍්‍රමරත්න යන මහත්වරුන්ට විශේෂ ස්තූතිය හිමිවේ.

 මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *