කොන්දේසි නෑ; පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වැඩ කරමු – එජාප නායකත්වයේ එකඟතාවයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට කොන්දේසි පනවා ඇති බවට ජනමාධ්‍යයේ පළවීම තම ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානිකර බැවින් එම කතාව ප්‍රතික්ෂේප කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකිරීමට සියලු දෙනා එකඟවීම මත සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර එකඟතාවක් ඇති වී තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය…

අද ප්‍රශ්නෙ තියෙන්නෙ නගරයේ නෙවෙයි අද ප්‍රශ්නෙ තියෙන්නෙ ගමේ – ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

අපේ රටේ ජනතාවට යළිත් අවස්ථාවක් ඇවිත් තිබෙනවා රටට නව පාලනයක් ගොඩ නගාගැනීමට. ජනතාවට පුළුවන් නොවැම්බර් 16දාට ඡන්දේ පාවිච්චි කරලා අලුත් පාලනයක් හදාගන්න. අපිට පාලනයක් අවශ්‍යවෙලා තිබෙන්නෙ කුමක් වෙනුවෙන් ද?  ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසුවේ පසුගිය (24) දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික මහා සමුළුව…

සජිත්ගේ අපේක්ෂකත්වය ස්ථීරයි – නවින් දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම අනුමත කර ගැනීමේ  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(26) පස්වරු 03ට රැස්වීමට නියමිත බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා.  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව සිදුකෙරෙන අතර අනතුරුව එම යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතයි.  එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය…

කෘත්‍යාධිකාරියේ ඡන්දයකට යන්න රනිල් තීන්දුකරයි!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමට සම්මුතියක් ඇති නොවන්නේ නම් ඒ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි කමිටුවක් පත්කොට එහි තීරණය මත ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන ලෙස හා රහස් ඡන්දයකට නොයන ලෙස ඇතැම් ප්‍රබල ඇමතිවරුන් යෝජනා කළ ද රනිල්…

එජාප ජනාධිපති අපේක්ෂක තේරීම; කෘත්‍යාධිකාරියෙන් පිට අයගේ ඡන්ද ගත්තොත් නීතිමය ගැටළුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්මුතියකින් තොරාගත නොහැකි වුවහොත් එය කළ හැක්කේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමකින් පමණක් බවත් එයට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හවුල් කර ගතහොත් අපේක්ෂකයාට නීතිමය අභියෝගයක් එල්ලවිය හැකි බවත් එජාප ආරංචි මාර්ග කියයි. මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයා තේරීම ගැන නිශ්චිත විධිවිධාන පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන නිසාය. ඊට වෙනස් ක්‍රමයකට අපේක්ෂකයා තෝරාගත…

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න සජිත් බෑ කියයි

බලයට පත් වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපතික්‍රමය අහොසි කරන බවට වන ප්‍රධාන කොන්දේසිය හා තවත් කොන්දේසි කිහිපයක් යටතේ එකසත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති වී ඇතත් එම කොන්දේසිය පිළිගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කැමති වී නැත.   විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවයි….

අවන්ගාඩ් නඩුව විධිමත් ලෙස යලි පවරන්න සාකච්චා

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට ඇවන්ට් ගාඩ් සමාගමට අවස්ථාව සලසා දී රජයට රුපියල් බිලියන 11.4ක මුදලක් පාඩු කෙළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අට දෙනා ට එරෙහිව නිසි නීතිමය පරිපාටිය අනුගමනය කරමින් නඩුවක් ගොනු කිරීමට අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව…

ගෝඨාභයට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නෑ! ව්‍යාජ ලේඛන හදා ඇති බවට තොරුතුරු

ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකොට ඇති ආගමන විගමන වැරදි අතර ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය ද පෙර දාතම දමා පසුව සකස් කර ඇති ලියැවිල්ලක් බව හෙළිදරව් වී ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි. මේ බව හෙළි වී ඇත්තේ එම ද්විත්ව පුරවැසිභාවය ලබාගත් බවට සදහන් දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එම සහතික ලබාදිය හැකි බලයලත් නිලධාරියකු නොසිටි බවට ලැබුණු…

ආගමන විගමන-පුරවැසි නීති කැඩුවැයි ගෝඨාභයට එරෙහි පැමිණිල්ලට විමර්ශන ඇරැඹුවා – සීඅයිඩීය අධිකරණයට දන්වයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමන විගමන නීතිය මෙන්ම පුරවැසි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට ලද පැමිණිල්ල අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව රහස් පොලීසිය ඊයේ (23) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ සඳහන් කළේය. වර්ෂ 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අමෙරිකානු පුරවැසියකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය දී ලංකාවට පැමිණ මැතිවරණ නීති…

රනිල්ගෙන් සජිත්ට විසඳුම් තුනක් ! ; ජනාධිපති අපේක්ෂක කරු හෝ රනිල් : අනාගත නායක සජිත්

පසුගිය 10 වනදා පැවති රනිල් – සජිත් සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් මූලික ඉලක්කය වූ , එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක දෙමළ ජාතික සන්ධානයෙහි සහයෝගය ලබාගැනීමට ඔහුට නොහැකි වී ඇති පසුබිමක් තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට විසඳුම් තුනක් ලබාදී තිබේ.  1. රනිල් – සජිත් දෙදෙනාගේම සහයෝගයෙන් කරූ ජයසූ‍රිය මහතාව ජනාධිපතිවරණයට…

ජනපතිගේ චෝදනාවට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත්කරන්නැයි ඉල්ලමින් තමන් ලිපි නිකුත් කර නොමතින් අතර එවැනි ලිපියක් යොමුකර ඇති බවට නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත්කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට නිර්දේශ…

“හොඳ දෙයක් කිරීමට නරක වේලාවක් කියා දෙයක් නෑ” -සජිත්ට TNA සහාය නොලැබෙන බව තහවුරු කෙරෙමින් සුමන්තිරන් කියයි

“හොඳ දෙයක් කිරීමට නරක වේලාවක් කියා දෙයක් නෑ. වසර 25 ක් තිස්සේ දුන් පොරොන්දුවක් අවසන් පැයේදී හෝ ඉටු කළ හැකියි.” විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ පිරිසක් විරෝධය පෑම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතා ට්විටර් පණිවුඩ 2 ක් මගින් ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු එහිදී විසඳුමක් ද යෝජනා කර ඇත.  එම පණිවුඩ…