කොන්දේසි නෑ; පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වැඩ කරමු – එජාප නායකත්වයේ එකඟතාවයක්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට කොන්දේසි පනවා ඇති බවට ජනමාධ්‍යයේ පළවීම තම ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානිකර බැවින් එම කතාව ප්‍රතික්ෂේප කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකිරීමට සියලු දෙනා එකඟවීම මත සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර එකඟතාවක් ඇති වී තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදන දේශපාලන විසඳුමක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම ආදිය පක්ෂයේ පිළිගත් ප්‍රතිපත්ති ලෙස ජනාධිපතිවරණ මැතිවරණ ප්රකාශයනයට ඇතුළත් කරනු ඇත. එම කරුණු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ජේෂ්ඨයන් අතර හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ එකඟත්වයක් ඇතිකර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යේෂඨයින් පිරිසක් විසින් මෙහෙයවනු ඇත.
පක්ෂයේ සියලු දෙනා එක්සත්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ජනාධිපතිවරණය ජයගැනීමට කටයතු කිරීමට ජ්‍යේෂ්ඨයින්ගේ සාකච්ඡාවේදී එකඟත්වය ඇතිකරගෙන තිබේ.
මෙම එකඟත්වය ඇතිකරගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතරත් රසිල් සජිත් හා කරු ජයසූරිය මහතා අතරත් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් අතරත් කරන ලද සාකච්ඡා ගණනාවකින් පසුවය.
