ගෝඨාභයට ශ්‍රී ලංකා පුරවැසිභාවය නැති බවට – පැහැදිලි සාක්ෂි ලැබිලා – බී වාර්තාවක් අධිකරණයට එයි!

ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම ගැන කරන පරීක්ෂණවල දී ඒ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ලබාගෙන නැති බවට සාක්ෂි හෙළිදරව් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සොයාගත් කරුණු අද හෙටම බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දීමට නියමිතය.
මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව අපගේ ආරංචි මාර්ග කියයි. ඔහුට ජනාධිපතිවරණයට තරඟ කිරීමට කිසිදු නීතිමය ඉඩකඩක් නැති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.
