එ.ජා.ප ජනාධිපති අපේක්ෂක – සජිත් ප්‍රේමදාස

ලබන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නම්කර තිබේ.

අද පස්වරුවේ (සැප්තැම්බර් 26) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹිණ.

පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

අගමැති රනිල් වික්‍රමසිංහ 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පළමු අවස්ථාව මෙය වේ.

2010 සහ 2015 ජනාධිපතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයන්ට සහය පළ කළේය.

වත්මන් රජයේ නිවාස සහ සංස්කෘතික අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *