අද කොවිඩ් මරණ 43 යි; ආසාදිතයින් 1815 යි

ඊයේ සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ, කොවිඩ් ආසාදිත මරණ 43 ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ ය. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 3,120 ක් වශයෙනි. රට තුළින් අද වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,815 ක් ලෙස නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ…

කොළඹ විනිමය වෙළෙඳ පොළේ ඩොලරය රුපියල් 226 ට යයි ; මහ බැංකුවේ 202 යි ; ඒ මිලට ඩොලර් නෑ !

කොළඹ විනිමය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් එකක් රුපියල් 225 -226 දක්වා මිලට මිල දී ගන්නා බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව ඩොලරය ගැනුම් මිල රුපියල197 ක් සහ විකුණුම් මිල රුපියල් 202 ක් ලෙස සටහන් වන නමුත් එම මිලට ඩොලර් ලබාගත නොහැකි තත්ත්වයක් පවතින බව කියති. වාණිජ බැංකුවල ද විශාල විනිමය හිගයක් ඇති…

තවත් කොවිඩ් මරණ 47 ක් ; ආසාදිතයින් 1786 ක් අද වාර්තා වෙයි.

තවත්  කොවිඩ් මරණ 47 ක් රජය නිල වශයෙන් වාර්තා කොට ඇත. මෙම මරණ ඊයේ දිනයේ සිදු වී ඊයේ ම තහවුරු කරගත් මරණ බව වාර්තාවල දැක්වෙයි. ඒ අනුව මේ රටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,077 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද අලුතින් වාර්තා කරනු ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,786 කි. ඒ අනුව මෙරටින් මෙතෙක්…

පාන් ගෙඩියක මිලත් රුපියල් දහයකින් ඉහළට

පාන් ගෙඩියක විකුණුම් මිල ලබන සතියේ සිට රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. එයට හේතුව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් තිබීම යි. මීට පෙර පාන් හැර අනෙක් සියලු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5 සහ 10 අතර ප්‍රමාණයකින් වැඩි කරනු ලැබී…

පිටරටින් සහල් ගෙන්වීමේ තීරණයත් රිවස් !

රටේ දැන් පවතින සහල් හිගයට පිලියමක් ලෙස පිටරටින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට රජය ගෙන තිබු තීරණය ද ක්‍රියාත්මක නොකිරීමට දැන් තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළේ රටේ ඇති තරම් සහල් තිබෙන බව සහ ගොවීන්ගෙන් සහල් මිල දී ගැනීම ද වහා ම ආරම්භ කරන බව…

මහින්දගේ කට්ටිය කපාගෙන එන්න හැදු බැසිල් අවුලක ; ජාතික ලැයිස්තු මන්ත්‍රීහු ඩබල් ගේමක !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සඳහා ඉවත් විය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා පිළිබඳව අවුලක් නිර්මාණය වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. මෙම තත්ත්වයට හේතු වී තිබෙන්නේ ඒ සඳහා ඉවත්වීමට මුල දී පොරොන්දු වී සිටි මන්ත්‍රීවරුන් තනතුරුවලින් ඉවත් නො වී වෙනත් අය ඉවත් කර වීමට උත්සාහ දැරීම නිසා ය. බැසිල් වෙනුවෙන්…

කොවිඩ් මරණ 3000 පනී; අදත් 45 ක් ; නව ආසාදිතයින් 1709 ක්

මෙරට නිල සංඛ්‍යා අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව අද 3,000 ඉක්මවා ගියේ ය. අද වාර්තා කළ මරණ 45 ක් ද සමග මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 3,030 ක් වශයෙනි. නව කොවිඩ් ආසාදිතයින් 1709 ක් ද අද වාර්තා කොට තිබිණි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත…

ආණ්ඩුව පරීක්ෂණ අඩු කොට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යා සාර්ථක ලෙස පාලනය කරයි !

ආණ්ඩුව පී සී ආර් පරීක්ෂණ විශාල ලෙස අඩු කර කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යා පාලනය කොට ඇති බව සෞඛ්‍ය සේවා අංශ කියයි. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියන්නේ මේ වන විට පරීක්ෂණ සංඛ්‍යාව දිනකට 7,000  දක්වා අඩු කොට ඇති බවයි. අද පවතින තත්ත්වය යටතේ දිනකට පරීක්ෂණ 50,000 ක් වත් කළ යුතු බව…

කලබල නොවන්න ! තවත් ණය ගෙන ණය ගෙවන හැටි මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාව ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා වලින් කලබලයට පත් නොවන ලෙසත්, එම ණය ගෙවමින් විදේශ සංචිත යහපත් මට්ටමින් පවත්වා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. දැනට ගෙවීමට ඇති ණය ගෙවීම සඳහා තවත් ණය ගැනීමේ සැලසුම්…

පොහොර තහනමට එරෙහිව ආණ්ඩුව ඇතුළේ කැරැල්ලක් ; බැසිල්ගෙන් විසඳුමක් ඉල්ලති !

පොහොර සඳහා පනවා ඇති තහනම වහා ම අත්හිටුවා ගොවීන්ට පොහොර සැපයීමට ක්‍රියා කරන ලෙසත්, එසේ නොකළ හොත් ආණ්ඩුවට විශාල මහජන විරෝධයකට මුහුණ දීමට සිදුවන බවත්, කියමින් ආණ්ඩුව තුළ ම විශාල විරෝධයක් ගොඩ නැගී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර තතුදත් ආරංචි මාර්ග කියයි. ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂ මෙහි දී දැඩි ස්ථාවරයක සිටින අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

තවත් කොවිඩ් මරණ 41 ක් ; ආසාදිතයින් 1850 ක්

ඊයේ දිනයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද තහවුරු කොට ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 2985 ක් වශයෙනි. නව කොවිඩ් ආසාදිතයින් 1850 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගත් බව ද නිල වශයෙන් නිවේදනය කොට තිබේ. එම නිල සංඛ්‍යා ලේඛන අනුව මෙරට සමස්ත…

හිටපු ජනපති මෛත්‍රී ඇමතිකමක් ඉල්ලුවෙත් නෑ – ගන්නෙත් නෑ කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ඇමති තනතුරක දිවුරුම් දෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි. හිටපු ජනාධිපතිතුමා රජයේ කිසිදු තනතුරක් ඉල්ලා නැති බවත්, කිසිදු තනතුරක් භාර ගැනීමට සුදානමක් නැති බවත්, එම නිවේදනයේ සඳහන් වෙයි. ලබන සතියේ බැසිල් රාජපක්ෂ මහතාට ඇමැති ධුරයක් ලබා දීමට කරන කැබිනට්…