පොහොර තහනමට එරෙහිව ආණ්ඩුව ඇතුළේ කැරැල්ලක් ; බැසිල්ගෙන් විසඳුමක් ඉල්ලති !

පොහොර සඳහා පනවා ඇති තහනම වහා ම අත්හිටුවා ගොවීන්ට පොහොර සැපයීමට ක්‍රියා කරන ලෙසත්, එසේ නොකළ හොත් ආණ්ඩුවට විශාල මහජන විරෝධයකට මුහුණ දීමට සිදුවන බවත්, කියමින් ආණ්ඩුව තුළ ම විශාල විරෝධයක් ගොඩ නැගී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර තතුදත් ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂ මෙහි දී දැඩි ස්ථාවරයක සිටින අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන් ම බොහෝ මැති ඇමතිවරුන් ද මෙම අදහසේ සිටින බව කියති. පොහොර තහනම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ඇතැම් ඇමතිවරුන් පවා අභ්‍යන්තර සාකච්ඡාවේ දී ප්‍රකාශ කොට ඇත්තේ මෙම ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදිය යුතු බව යි.
පොහොර තහනම දේශීය සහල් ව්‍යාපාරිකයා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බව ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර ඇමතිවරයා ප්‍රකාශ කොට ඇති අතර මහින්ද අමරවීර ඇමතිවරයා කීවේ පොහොර ලබා දීමට අවස්ථා තුනක දී ම, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ ද සාර්ථක නොවූ බවයි. ඒ ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද, ඒ මහතා කී ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක දී ද ,මෙම ප්රශ්නය ප්රමුඛ ප්‍රශ්නයක් ලෙස අවධානයට යොමු වී තිබේ. එහි දී ප්‍රධාන යෝජනාවක් වී ඇත්තේ මෙම ප්රශ්නය විසඳීමට බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් ඉල්ලා සිටීම යි. පක්ෂයේ ජෙෂ්ටයන් වෙත ද තම අදහස දැනුම් දීමට ඔවුන් කටයුතු කොට තිබේ.
ඇතැම් මැති ඇමතිවරුන් කියන්නේ මෙම ප්රශ්නය නිසා තමන්ට ගම්වලට යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව යි. කොළඹ ජීවත්වෙමින් කොළඹ සිට තීරණ ගන්නා උදවිය ගැන ඔවුන්ගේ විරෝධය ප්‍රකාශවී ඇති බව අපගේ වාර්තා කියයි.
