පිටරටින් සහල් ගෙන්වීමේ තීරණයත් රිවස් !

රටේ දැන් පවතින සහල් හිගයට පිලියමක් ලෙස පිටරටින් සහල් මෙට්රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට රජය ගෙන තිබු තීරණය ද ක්රියාත්මක නොකිරීමට දැන් තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්රකාශ කළේ රටේ ඇති තරම් සහල් තිබෙන බව සහ ගොවීන්ගෙන් සහල් මිල දී ගැනීම ද වහා ම ආරම්භ කරන බව යි.
සහල් වැඩි මිලට විකිණීමේ දඩ මුදල රුපියල් 2500 සිට 100,000 දක්වා වැඩි කරන බව ද , ඒ මහතා කී ය.
රුපියල් 50 සහතික මිලට ගොවීන්ගෙන් තමා වී මිල දී ගෙන ලබා දෙන බවත්, එම වී සහල් කොට සහතික මිලට ලබා දීමට වෙළෙඳ ඇමතිතුමාට හැකි විය යුතු බවත්, අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා එයට එරෙහිව කිසිවක් කීවේ නැත.
මීට පෙර බන්දුල ගුණවර්ධන මහතා කීවේ මාසයකටවත් ප්රමාණවත් සහල් තොග රට තුළ නැති බව සහ එබැවින් පිටරටින් සහල් ගෙන්වා අඩු මිලට ලබා දීමට කටයුතු කරන බව යි.
මේ වනවිට රට තුළ නඩු සහල් කිලෝවක් රුපියල් 120 කට පමණ ද, සම්බා කිලෝවක් රුපියල් 140 – 160 මිලකට ද අලෙවි වෙයි.
කීරි සම්බා කිලෝවක මිල රුපියල් 224 දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම ඇමති අලුත්ගමගේ මහතා අද පැවසීය.
