අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යනකොට මහමැතිවරණයක් එනවා – ජනාධිපති

ජනාධිපති මෛත්‍රිපාල හා  මාධ්‍ය ප්‍රධානින් හමුව ඊයේ (26) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී මාධ්‍ය ප්‍රධානින් ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය. සමහර අය මගෙන් අහනවා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගන්න තීන්දු තීරණ විදිහට තමයි අපි කටයුතු කරන්නේ. කිසිම දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් නම් කරලා නැති නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහෙම හදිස්සියක් නෑ….

හතර දෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා -ජනාධිපති

අද ලෝක මත්ද්‍රව්‍ය දිනයේ දී මම මරණීය දණ්ඩනය අත්සන් කරලා ඉවරයි. හතර දෙනෙකුට. දිනෙත් තීන්දු කරලා දන්වලත් ඉවරයි. මත්ද්‍රව්‍ය වලට විරුද්ධව බක්මහ දිවුරුම කියලා දිවුරුමක් දුන්නා රටේ. මත්ද්‍රව්‍ය සටන ඉතාම සාර්ථකව ගෙනියන විට තමයි අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම සිද්ධ වුණේ. එයින් අපි ගෙනගිය වැඩපිළිවෙලවල් ඔක්කොම යට ගියා. ඒ යට යෑම බෝම්බ පිපිරීම අතරේ…

ආරක්ෂාව පිළිබඳ ලංකා‍‍‍වෙ ඉන්න දක්ෂම ‍කෙනා සරත් ‍‍ෆොන්‍‍සේකා ගම්මන්පිල ඔය කියන ‍කෙනා යුද්‍‍දෙට බ‍යේ ඇමරිකාවට පැනලා ගිය ‍කෙ‍නෙක් – පාර්ලි‍මේන්තු මන්ත්‍රි කුමාර ‍වෙල්ගම

මාධ්‍ය – උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා කියනවා ‍ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි එන්න ඕනැ. එයා ආ‍වොත් ර‍ටේ ආරක්ෂක තත්ත්වයට වගකියනවා කියලා. පිළිතුර – ර‍ටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ති‍යෙනවා ඒක ඇත්ත. හැබැයි මම ඒක නිවැරැදි කරනවා. මට ‍පේන හැටියට දැනට ලංකා‍ව ඉන්න දක්ෂම ආරක්ෂාව පිළිබඳ එක්‍කෙනා තමයි සරත් ‍ෆොන්ස්කා මහත්තයා. එතුමා සටන් බි‍මේ ඉඳලා සටන් කරපු ‍සොල්දාදු‍වෙක් හැටියට,…

හමුදාපති සහ හිටපු අමාත්‍ය රිෂාද් බද්ද්‍යුදීන් අද ‍සවස තේරීම් කාරක සභාව හමුවට

අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ‍යෙන් ‍සොයාබැලීමට පත් කළ වි‍ශේෂ ‍තේරීම් කාරක සභාව ‍මේ වන විට පාර්ශව කිහිපයකින්ම සාක්ෂි විමසීම් සිදු කර ඇති අතර ‍එය අද සවස 2ට යළි පාර්ලි‍මේන්තු සංකීරණ‍යේ දී රැස්වීමට නියමිතයි. හිටපු අමාත්‍ය රිෂාද් බද්ද්‍යුදින් මහතා සහ හමුදාපති ලුතිනන් ජනරාල් ම‍හේෂ් ‍සේනානායක මහතා අද දින‍යේ දී වි‍ශේෂ ‍තේරීම් කාරක සභාව…

ආර්ථිකය නංවන්න ඩොලර් මිලියන 2000ක් ඉල්ලුවාම මිලියන 6000ක් දෙන්න ආයෝජකයෝ ආවා , අපි ලබාගත්තේ මි. 2000යි – අගමැති රනිල්

අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මහබැංකු අධිපතිවරයා මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට ඩොලර් මිලියන 2000ක් සොයා ගැනීමට ජාත්‍යන්තරයට ගිය විට දී ජාත්‍යන්තරය විසින් ඩොලර් මිලියන 6000ක් ලබාදුන් බවත් එයින් ඩොලර් මිලියන 2000ක් පමණක් රජය ලබාගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පානදුර, ආතර් වී දියස් නාගරික උද්‍යානය හා පානදුර දුම්රියපොළ චතුරස්‍රය ජනසතු කිරීම වෙනුවෙන් ඊයේ…

රාජිතට එරෙහි පෙත්සම ඉරා පුළුස්සති – ජී එම් ඕ ඒ ලොක්කෝ නාගොඩ රෝහලේ පස්සා දොරෙන් පැනයති

 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන විශ්වාසභංග යෝජනාවකට බව කියමින් ලියවිල්ලකට අත්සන් ගැනීමට ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් හා ඊට විරෝධය පළ කළ කණ්ඩායමක් අතර ඊයේ (24) පෙරවරුවේ නාගොඩ මහ රෝහලේදී උණුසුම් තත්ත්වයක් හට ගැනිණ. රාජිත සේනාරත්න මහතාට විරෝධය දැක්වීමක් ලෙස නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් හා රෝහලට පැමිණ සිටි රෝගීන් ඇතුළු පිරිසකගෙන්…

හරියට වැඩේ කරලා බැණුම් ඇහුවට කමක් නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

නිකම් දේශපාලනය කතා කරලා එක එක්කෙනාට බැනලා මේ වැඩේ කරන්න බැරිනම් දේශපාලනය වැඩක් නෑ. බැරිනම් වහන එක කමක් නෑ. බැනුම් අහන එක කමක් නෑ හරියට වැඩේ කරලා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ මුතුරාජවෙල අභිනවයෙන් ඉදිකළ ලිහිසි තෙල් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සමගාමීව පැවති ජනහමුවේදීය. යුද්දෙ ඉවර වුණා කියලා අපි ඉදිරියට ගියේ නැහැ.  නව…

තව මාස හතරකින් ඡන්දයක් ති‍යෙනවා :අත්හදා බැලීම් කරන ‍වෙලාවක් ‍නෙ‍මෙයි ‍මේක‍ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

තව මාස හතරකින් ඡන්දයක් ති‍යෙනවා අත්හදා බැලීම් කරන ‍වෙලාවක් ‍නෙ‍මෙයි ‍මේක‍. විපක්ෂ නායක තුමා එ‍සේ පැවසු‍යේ, හඟුරන්‍‍කෙත මාද‍වෙල රාජමහා විහාර‍යේ රන් පත්ඉරුවකට අත්සන් තැබී‍මෙන් අනතුරුව මාධ්‍යදෙමින් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු ‍දෙමිනි. මාධ්‍ය නැගු ප්‍රශ්න හා පිළිතුරු ‍මෙ‍සේය – ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනවා, 18 වන හා 19 වන ව්‍යවස්ථා සං‍‍ශෝධන හානිකරයි කියලා කියනවා? පිළිතුර – මට…

ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු 27 බ්‍රහස්පතින්දා

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අවසන් හුස්ම හෙළුවාය. මියයන විට ඇය 83 වන වියෙහි පසු වූ ඇය ප්‍රවීන ගායන ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සිසිර සේනාරත්න මහතා ගේ බිරිය වූවාය. ඇය ගැයූ චිත්‍රපට ගීත හා සරල ගීත බෙහෙවින් ජනප්‍රිය වූවාය. ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ රේඛාව චිත්‍රපටයට ඇය ගැයූ ගරු මර්සලින් ජයකොඩි පියතුමන්…

ජනපති සිරිසේනට එරෙහි පොලිස්පතිගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම ක‍ළේය. මෙම පෙත්සම අද(24) ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය. මෙහිදී…

GMOA වගේ ගොං නඩයක් කොහෙවත් දැකලා නෑ – රාජිත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි ගොං නඩයක් තමන් කොතැනකවත් දැක නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තමන්ට ලැබී ඇති උප සභාපති තනතුර ඉවත් කිරීම සඳහා GMOA කටයුතු කරන බව පැවසුවත් ඔවුන් කී පමණින් ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ තනතුරක් ඉවත් කරාවිදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.  එසේම GMOA යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ…

දුම්රිය වර්ජනය අවසන් – ධාවනය සාමාන්‍ය පරිදි

දින දෙකක් (පැය 48)ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රි 12ට අවසන්විය. අද උදෑසන සිට දුම්රිය ධාවනය ආරම්භ වූ අතර, දහවල් වන විට ධාවන සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන රජය සතුටුදායක ප්‍රතිඵල දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එසේ නොකළහොත්…