අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යනකොට මහමැතිවරණයක් එනවා – ජනාධිපති

ජනාධිපති මෛත්‍රිපාල හා  මාධ්‍ය ප්‍රධානින් හමුව ඊයේ (26) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. එහිදී මාධ්‍ය ප්‍රධානින් ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

සමහර අය මගෙන් අහනවා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරනවද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගන්න තීන්දු තීරණ විදිහට තමයි අපි කටයුතු කරන්නේ. කිසිම දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් නම් කරලා නැති නිසා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහෙම හදිස්සියක් නෑ.

ඉතාම පැහැදිලිව කියන්නට ඕනැ මම පහුගිය සතියේ කරපු ප්‍රකාශය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදි. ‘18 සහ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය මේ රට විනාශ කළා,  කියලා කියපු එක අදත් මම පැහැදිලිව කියනවා. මම මීට කලිනුත් කියලා තියෙනවා, 18 රාජාණ්ඩු ක්‍රමයක්. රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණේ 19න්.

19 රටේ අස්ථාවරත්වයක් ඇති කළා. නායකයෝ දෙන්නෙක් හැදුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දවස් දෙකකට කලින් කියලා තිබුණා, ඩ්‍රයිවර්ලා දෙන්නෙකුට වාහනයක් ගෙනියන්න බෑ කියලා. වාහනය ගෙනියන්න ලැයිසන් එකක් දුන්නා එක ඩ්‍රයිවර් කෙනෙකුට ජනතාව. හැට දෙලක්ෂ පණස් දාහකින්. පාරලිමේන්තුවෙන් ලයිසන් එකක් අරගෙන ඉස්සරහ සීට් එකේ තව එක්කෙනෙක් වාඩි වුණා. එකෙන් තමයි ඇතිවුණේ ඩ්‍රයිවර්ලා දෙන්නා.

එතකොට හැට දෙලක්ෂ පනස් දාහෙන් පත්වුණු ඩ්‍රයිවර් වාහනය අරගෙන යනකොට ගියර් දානවා, ඇක්ස්ලේටර්එක පාගනවා ඔහොම යනකොට අර පාර්ලිමේන්තුවෙන් ලයිසන් එක ගත්ත හාදයත් ගියර් දාන්න හදනවා, වරද්දලා දාන්න හදනවා, වාහනේ හැප්පෙනවා, පාරෙන් පිට පනිනවා, ස්ටිරින් වීල් එකත් එයා පැත්තක ඉඳලා කරකවනවා හිටපු ගමන්.

මම ඉතාම පැහැදිලිව කියන්නම් ඉදිරි ජනාධිපතිවරණයට කලින් හෝ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව කවුරු බලයට පත් වුණත් රටට ආදරේ නම් කළ යුතු අංක එක තමයි 19 අහෝසි කරන එක. මේ 19 අහෝසි කෙරුවෙ නැත්නම්, රට අස්ථාවරයි. ඩ්‍රයිවර්ලා දෙන්නයි. ආණ්ඩු දෙකයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ එක ආණ්ඩුවක්. අරලිය ගහමන්දිරයේ තව ආණ්ඩුවක්.

මේ අවුරුද්ද අවසානයේ ජනාධිපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යනකොට මහමැතිවරණයක් එනවා ස්ථීරවම. ඉදිරි ජනාධිපතිවරණයට කලින් 19 අහෝසි කරනවා නම්, ඉතාමත් හොඳයි. එහෙම නැත්නම් 19 රටට ශාපයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදලා නැති ඒ ගැන කිසිම දැනුමක් නැති බක පණ්ඩිතයො මේක හදුවා. එන්.ජී.ඕ. වල ඕනකමට තමයි මේක හැදුවෙ.  හැම දෙනාටම එකඟතාවයකට එන්න පුළුවන් නම් 19 අහෝසි කරන්න, 2020 හොඳ අවුරුද්දක් රටට. මේක හැදුවේ ජයම්පති වික්‍රමරත්නලයි, සුමන්තිරන්ලයි, එන්.ජී.ඕ. කාරයොයි, ඔය පාක්‍යසෝනිලා අරහෙ මෙහෙ හැදුවේ මේක. මේ රට කන එන්.ජී.ඕ. කාරයෝ තමයි මේක හදුවෙ. මේක පස්සෙනි අහුවුනේ. මෙහෙම දෙයක් දන්නවනම් මම සහයෝගය දෙන්නෙත් නෑ ඇත්තටම.

ජනමත විචාරණයක් පිළිබඳ කතාව එහෙමපිටින්ම අසත්‍යයක්. ඔය සෝපා ගිවිසුම, දැන් අලුතෙන් එකක් පෙන්නනවා විසිටින් පෝස් ඇග්‍රිමන්ට් හමුදාවල් එහෙ මහෙ යනකොට මෙහෙ ගොඩබැහැලා නිකම් විසිට් කරන්න කියලා. ඒවට මම විරුද්ධයි සම්පූර්ණයෙන්ම. මම ඒවාට මගෙ එකඟත්වයක් නැහැ. කැබිනට් මණ්ඩලයෙත් මම කියලා තියෙනවා.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *