හතර දෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා -ජනාධිපති

අද ලෝක මත්ද්‍රව්‍ය දිනයේ දී මම මරණීය දණ්ඩනය අත්සන් කරලා ඉවරයි. හතර දෙනෙකුට. දිනෙත් තීන්දු කරලා දන්වලත් ඉවරයි. මත්ද්‍රව්‍ය වලට විරුද්ධව බක්මහ දිවුරුම කියලා දිවුරුමක් දුන්නා රටේ. මත්ද්‍රව්‍ය සටන ඉතාම සාර්ථකව ගෙනියන විට තමයි අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම සිද්ධ වුණේ. එයින් අපි ගෙනගිය වැඩපිළිවෙලවල් ඔක්කොම යට ගියා. ඒ යට යෑම බෝම්බ පිපිරීම අතරේ සම්බන්ධයක් තියෙනවද කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනැ කාරණයක්. ජනධිපතිතුමා එසේ ප්‍රකාශ කළේ ඊයේ (26) කොලොන්නාවේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට එක්වෙමිනි

තවදුරටත් කතා කළ ජනාධිපතිතුමා, ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න පුළුවන් වගේම මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින්ට, ඒවාට විරුද්ධව වැඩ කරන අය විනාශ කරන්න පුළුවන්. මගේ නම් ලොකු සැකයක් තියෙනවා අපි මත්ද්‍රව්‍ය වලට විරෝධි සටනට දුන්න එක්තරා ප්‍රහාරයක් තමයි අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය කියලා. අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය, මම ලංකාවේ නරකම මිනිහෙක් බවට පත් කළා. රටේ මහජනතාව අතරේ රටේ ජනාධිපති මේක දැනගෙන තමයි සිද්ධ වුණේ කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. අපි කරපු හොඳ වැඩසටහන් සියල්ලම යට ගියා. බෝම්බය ගැන විතරක් කතා කරන්න පටන් ගත්තා.

අපි හිතන්නට ඕනැ ලංකාව මේ වගේ දේකට ඇයි තොරගත්තෙ කියන කාරණාව. ඉතා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරම්කාරයින් අපේ අත්අඩංගුවෙ ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ගෙන ගිය සටන අඩපණ කරන්න වෙන්න පුළුවන් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය. නමුත් මේවායින් මම නවතින්නේ නැහැ අපේ හාමුදුරුවනේ.

අද ජුනි 26 වැනිදා. මම පසුගිය මාස ගාණක් කිව්වා මත්ද්‍රව්‍ය ජාවරම් වලට සම්බන්ධ ජාවාරම් කාරයින්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා කියලා. හාමුදුරුවනේ සමාවෙන්න ඕනැ මරණීය දණ්ඩනය දෙන්න මම අද අත්සන් කළා ජූනි 26 දිනයේදී, ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනයේදී මම අත්සන් කළා.

ඉදිරි සතිදෙක තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙයි. පිළිපීනයේ ජනාධිපතිතුමා 27000ක් ඉවර කෙරුවා නඩු අහන්නෙ නැතුව. නීති විරෝධි මත්ද්‍රව්‍ය විකුණුව නම්, එතෙන්ඩ ගිහිල්ලා වෙඩිතියලා දානවා. මත්කුඩු පෙති බොනවා පාරේ ඉඳලා අහුවුණා නම් වෙඩිතියලා දැම්මා, පිළිපීන ජනාධිපතිතුමා. අපේ රටේ එහෙම කරන්න පුළුවන් කමක් නෑ. තියෙන නීතිරීති යටතේ තමයි කරන්න ඕනැ. නැත්නම් පිළිපීන ජනාධිපතිතුමා කරපු දේ තමයි හරි. 

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *