ආරක්ෂාව පිළිබඳ ලංකාවෙ ඉන්න දක්ෂම කෙනා සරත් ෆොන්‍සේකා ගම්මන්පිල ඔය කියන කෙනා යුද්‍දෙට බයේ ඇමරිකාවට පැනලා ගිය කෙනෙක් – පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම
මාධ්‍ය – උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි එන්න ඕනැ. එයා ආවොත් රටේ ආරක්ෂක තත්ත්වයට වගකියනවා කියලා.
පිළිතුර – රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඇත්ත. හැබැයි මම ඒක නිවැරැදි කරනවා. මට පේන හැටියට දැනට ලංකාව ඉන්න දක්ෂම ආරක්ෂාව පිළිබඳ එක්‍කෙනා තමයි සරත් ෆොන්ස්කා මහත්තයා.
එතුමා සටන් බිමේ ඉඳලා සටන් කරපු සොල්දාදුවෙක් හැටියට, නිලධාරියෙක් හැටියට බලනකොට ඔය ගම්මන්පිල මහත්තයා කියපු පුද්ගලයා යුද්‍දෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්.
මාධ්‍ය – ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා කිසිම පක්ෂයකින් එළියට දාන්‍නේ නෑ.
පිළිතුර – අපේක්ෂකයා නම් කරන්න අපෙන් තවම අහලා නෑ. සෑම නායකයෙක්‍ගෙම ගෙදර තියෙනවා කිචන් කැබිනට් කියලා එකක්. ඒ කුස්සියෙ කැබිනට් එකෙන් තමයි තෝරන්‍නෙ කවුද ඉදිරිපත් වෙන්‍නේ කියලා.
කුමාර වෙල්ගම මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (25) කළුතර දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මනෝජ්
