හමුදාපති සහ හිටපු අමාත්‍ය රිෂාද් බද්ද්‍යුදීන් අද සවස තේරීම් කාරක සභාව හමුවට
අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව මේ වන විට පාර්ශව කිහිපයකින්ම සාක්ෂි විමසීම් සිදු කර ඇති අතර එය අද සවස 2ට යළි පාර්ලිමේන්තු සංකීරණයේ දී රැස්වීමට නියමිතයි.
හිටපු අමාත්‍ය රිෂාද් බද්ද්‍යුදින් මහතා සහ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දිනයේ දී විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඊට අමතරව කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිටපු ලේකම්වරයා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ද අද දිනයේ දී කැඳවීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉදිරියේ දී විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට සාකච්ඡා වී ඇති බව වාර්ථාවේ.
ඊයේ හවස මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ, තමාට කැඳවීමක් ලැබුණොත් තමන් ඊට සහභාගි වෙන බවත්, එය තමාගේ යුතුකමක් බවත්ය.
මනෝජ්
