”හැටදෙලක්ෂය සීරුවෙන් ” මහා සත්‍යග්‍රහය හෙට

‘2015 ජනවාරි8’ දේශපාලන වෙනසේදී හැට දෙලක්ෂයකට අධික ජනතාවකගේ දේශපාලන න්‍යාය පත‍්‍රය ඉටු කරන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන මහා සත්‍යග‍්‍රහයක් හෙට (15) සවස 3.00ට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භවේ. ‘‘හැට දෙලක්ෂය සීරුවෙන්’’ මැයෙන් නම් කරනු ලැබ ඇති මෙම සත්‍යග‍්‍රහය සංවිධානය කොට ඇත්තේ ‘හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය’ විසිනි. සාදාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය,…

රවිට විශ්වාසභංගය ගෙනාවේ ඉල්ලා අස්වෙන බව දැනගත් පසුවයි . කතාව පිටවුණේ ජනාධිපතිගෙන්

රවිට විශ්වාසභංගය ගෙනාවේ ඉල්ලා අස්වෙන බව දැනගත් පසුවයි . කතාව පිටවුණේ ජනාධිපතිගෙන්

රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පිරිසක් ලහි ලහියේ කටයුතු කළේ ඒ මහතා ඉල්ලා අස්වීමට සුදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා මගින් ජනාධිපතිතුමාට දැන්වීමෙන් පසුව බව තතු දත් අංශ හෙළිකරයි . රවී පිළිබද ප්‍රශ්නය සාකච්චා කිරීමට පැමිණි ශ්‍රීලනිප ඇමතිවරුන්ට ජනාධිපතිතුමා කී කතාවකින් මෙම කරුණ විපක්ෂයේ උදවියට දැනගන්නට ලැබී ඇත . ඊට පෙර විපක්ෂයේ…

ඒකාබද්ධයේ තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට.

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි. ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇත. ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහින්ද එක දවසින් තැටිය මාරු කරයි

රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාවට චන්දය නොදෙන බව පෙරේදා බේරුවල දී කියූ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ගාල්ලේ දී කිවේ යෝජනාවට චන්දය දෙන බවයි . එය ආණ්ඩුවට එරෙහිව දෙන පොදු චන්දයක් ලෙස දෙන බවත් මෙය ආණ්ඩුවට එරෙහිව තමන් චන්දය පාවිච්චි කරන පළමු අවස්ථාව බවත් රාජපක්ෂ මහතා කීය . මෙම විශ්වාස භංග…

හොරුන් රකින්නේ නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රජය හොරුන් ආරක්ෂා නොකරන බව ද කව්රුන් වුවද වැරැදි කර ඇති බවට තහවුරු වුවහොත් ඒ ගැන පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පරීක්ෂණයක් අතරමැදදී විශේෂ කරුණු ඉදිරිපත් වුවහොත් ඇමරිකාව හා එංගලන්තය වැනි රටවල මෙන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ද පැවසීය. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ…

මම විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ

රවී කරුණානායක මහතාට විරුද්ධව මහින්ද පිලේ මන්ත්‍රීවරු පිරිසක් ගෙනා විශ්වාසභංග යෝජනාව සඳහා තමන් ඡන්දය ලබා නොදෙන බව විශ්‍රාමික ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ ඊයේ  (05) බේරුවල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිණි. හිටපු මුදල් අමාත්‍ය, වත්මන් විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංස, රෝහිත අබේගුණවර්ධන, කුමාර…

රණවිරුවන් මිස මිනීමරුවන් රකින්නේ නැහැ – නව හමුදාපති මහේෂ් සේනානායක

  රණවිරු නාමයට මුවා  වී ආරක්ෂා වීමට හදන කිසිදු මිනිමරුවකුට තමන් ආරක්ෂාව නොදෙන බව නව හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (4දා) මහනුවරදී ප්‍රකාශ කළේය . මහා නා හිමිවරුන් හමු වී ආශීර්වාද ලබාගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් හමු වූ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය . සටන් බිමේ කැපකිරීම් කළ සැබෑ රණවිරුවන් රැක ගන්නා බවත් එසේ වුවද හමුදාවේ සිටිමින්…

රවිට එරෙහි විශ්වාස භංගයට මහින්ද රාජපක්ෂ හරස්වෙයි

හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන ඒමට සැලසුම් කල විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා මහින්ද රාජපක්ෂ මහතා අතර පවතී සාකච්චාවකදී රාජපක්ෂ මහතා කියා ඇත්තේ රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන…

ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු – සම්මන්ත්‍රණය හෙට

ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු  යන මැයෙන් කෙරෙන සම්මන්ත්‍රණයක්  3 වැනි බ්‍රහස්පතින්දා (හෙට ) සවස 4 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. මෙම සම්මන්ත්‍රණයේ දී අචාර්ය ජයම්පති වික්‍රමරත්න, නියෝජ්‍ය ආමාත්‍ය අජිත් පී. පෙරේරා, ඩිව් ගුණසේකර ඇතුළු විශ්වවිද්‍යාල විද්වතුන්, සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්,…

මෛත්‍රී රනිල් හමුවක් මංගලගේ නිවසේ දී : යහපාලයේ අනාගතය ගැන තීන්දු රැසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේ දී පසුගිය සති අන්තයේ හමුවී ශ්‍රී ලං.නි.ප – එ.ජා.ප. හවුල් ආණ්ඩුව දිගට පවත්වාගෙන යෑම ගැන තීන්දු ගණනාවක් ගත් බව දේශපාලන කේෂත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි. දෙපාර්ශවයේම මැති ඇමතිවරුන් එකිනෙකාට කරන විවේචන නැවත්වීම, ආණ්ඩුවට එල්ලවන චෝදනා පිළිබඳව පියවර ගැනීම මෙන්ම යහපාලන ආණ්ඩුව…

බැඳුම්කර නිකුත්කිරීමේ නව ක්‍රමවේදයෙන් අධියර තුනක වෙන්දේසි ක්‍රමයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම සඳහා දැන් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය අනුව අධියර තුනකින් බැඳුම්කර වෙන්දේසිය සිදු කිරීම සිදුකරන බව මහ බැංකුවට සම්බන්ද අපගේ ආරංචිමාර්ග කියයි. බැඳුම්කර නිකුත් කිරීම සඳහා ඍජු ස්ථානගත කිරීමේ ක්‍රමය යොදා නොගැනීමට මහ බැංකුව තීරණය කොට ඇති අතර එකවර වෙන්දේසි කිරීම ද නවතා දමා ඇති බව එම ආරංචිමාර්ග…

වෛද්‍ය සංගමය මරාන්තික විරෝධය පෑ ‘සුවසැරිය‘ ගිලන් රථ සේවය රෝගීන් 32,839ක් බේරාගනී .

ඉතා අනතුරුදායක යැයි ද ගිලන් රථ තුළම රෝගීන් මිය යා හැකියැයි ද කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාරාන්තික විරෝධය පෑ ‘සුවසැරිය‘ ගිලන්රථ සේවය මගින් සිය ප්‍රථම වසරේදී රෝගීන් 32,839 දෙනකු ගේ ජීවිත බේරාගැනීමට සහය වී ඇති බව හෙළිදරව් වෙයි. දැනට බස්නාහිර හා දකුණු පළාත්වල පමණක් ක්‍රියාත්මක වන මෙම සේවය මගින් මේ වනවිට දිනකට රෝගීන් 130ක්…