මෛත්‍රී රනිල් හමුවක් මංගලගේ නිවසේ දී : යහපාලයේ අනාගතය ගැන තීන්දු රැසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේ දී පසුගිය සති අන්තයේ හමුවී ශ්‍රී ලං.නි.ප – එ.ජා.ප. හවුල් ආණ්ඩුව දිගට පවත්වාගෙන යෑම ගැන තීන්දු ගණනාවක් ගත් බව දේශපාලන කේෂත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි. දෙපාර්ශවයේම මැති ඇමතිවරුන් එකිනෙකාට කරන විවේචන නැවත්වීම, ආණ්ඩුවට එල්ලවන චෝදනා පිළිබඳව පියවර ගැනීම මෙන්ම යහපාලන ආණ්ඩුව ගොඩනැගූ ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීම ආදිය ගැන ද එහි දී තීරණය කළ බව කියති.

දූෂණ වංචා සේවීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම දැන් ක්‍රියාත්මක බැඳුම්කර කොමිසමේ හෙළිදරව් වීම් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන ද එහි දී සාකච්ඡා වී ඇතැයි කියති.

මෙම සාකච්ඡාවේ තීරණ අනුව ශ්‍රී ලං.නි.ප – එ.ජා.ප. යහපාලන ආණ්ඩුව දිගට පවත්වාගෙන යාමට මෙන්ම මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් එල්ලවන තර්ජනයට දැඩි ලෙස ප්‍රතික්‍රියා දැක්වීමට ද නායකයන් දෙදෙනා එකඟ වූ බව දැනගන්නට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *