බැඳුම්කර නිකුත්කිරීමේ නව ක්රමවේදයෙන් අධියර තුනක වෙන්දේසි ක්රමයක්
ශ්රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම සඳහා දැන් හඳුන්වා දී ඇති නව ක්රමවේදය අනුව අධියර තුනකින් බැඳුම්කර වෙන්දේසිය සිදු කිරීම සිදුකරන බව මහ බැංකුවට සම්බන්ද අපගේ ආරංචිමාර්ග කියයි. බැඳුම්කර නිකුත් කිරීම සඳහා ඍජු ස්ථානගත කිරීමේ ක්රමය යොදා නොගැනීමට මහ බැංකුව තීරණය කොට ඇති අතර එකවර වෙන්දේසි කිරීම ද නවතා දමා ඇති බව එම ආරංචිමාර්ග කියයි. එමෙන්ම බැඳුම්කර නිකුත්කිරීම විධිමත් කොට මාසයකට වරක් පමණක් සැලසුම් ගතව සිදුකරනු ලබන බවත් එහි දී වෙන්දේසියට ලංසු ඉදිරිපත් කිරීම අදියර තුනකින් සිදු කරන බවත් කියති.
බැඳුකර වෙන්දේසිය නිසා එක්වර පොලී අනුපාතය ඉහළ පහළ යෑම පාලනය කිරීම සඳහා මෙන්ම විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා මෙම නව ක්රමවේදය ක්රියාත්මක කරන බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.
