රවිට විශ්වාසභංගය ගෙනාවේ ඉල්ලා අස්වෙන බව දැනගත් පසුවයි . කතාව පිටවුණේ ජනාධිපතිගෙන්
රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පිරිසක් ලහි ලහියේ කටයුතු කළේ ඒ මහතා ඉල්ලා අස්වීමට සුදානම් බව රනිල් වික්රමසිංහ මහතා මගින් ජනාධිපතිතුමාට දැන්වීමෙන් පසුව බව තතු දත් අංශ හෙළිකරයි . රවී පිළිබද ප්රශ්නය සාකච්චා කිරීමට පැමිණි ශ්රීලනිප ඇමතිවරුන්ට ජනාධිපතිතුමා කී කතාවකින් මෙම කරුණ විපක්ෂයේ උදවියට දැනගන්නට ලැබී ඇත . ඊට පෙර විපක්ෂයේ මන්ත්රීන් හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී විශ්වාසභංග යෝජනාවකට රාජපක්ෂ මහතා විරුද්ධ වී ඇත . කෙසේ වෙතත් රවී ගේ ඉල්ලා අස්වීමේ තීරණය දැනගත් වහාම විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන ලද්දේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතාගේ මගුල් ගෙදරදීය . එහිදී කළේ හිස් කොළවලට මන්ත්රීවරුන්ගේ අත්සන් ලබාගෙන පසුව යෝජනාව සැකසීමයි .
අලුත් තත්ත්වය නොදැන සිටි මහින්ද රාජපක්ෂ මහතා 5දා දවල් බේරුවල දී පැවසුවේ විශ්වාසභංගයට චන්දය නොදෙන බවයි . එයට චන්දය දෙන බව පසුව ඔහු පැවසුවේ රවී ඉල්ලා අස්වෙන බවත් විශ්වාසභංගය ගෙනාවේ එය තමන්ගේ ජයග්රහණයක් බව පෙන්වීමට බවත් ඒකාබද්ධයේ නායකයෝ රාජපක්ෂ මහතාට දැනුම්දීමෙන් පසුවය .
