අසාර්ථක නිසා වෛද්‍ය වර්ජනය අතහරින්න සිදුවුණා – සමන් රත්නප‍්‍රිය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවයේ කිසිම අංශයක සහයෝගයක් ලැබුණේ නෑ. අසාර්ථක නිසා වර්ජනය අතහරින්න සිදුවුණා. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නිදහස සඳහා වූ ජාතික සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශකළේ ඊයේ (25* පැවති මාධ්‍ය හමුවකදීය. පසුගිය 21 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පාගමනක් සංවිධානය කරල තිබුණා, සයිටම් විශ්වවිද්‍යාලය වසාදමනු කියන කාරණය මූලික…

සයිටම් පාලනය කළමනාකරණ කමිටුවකට

සයිටම් ආයතනයේ පාලනයට කළමනාකරණ කමිටුවක් පත් කර එහි මුදල් පාලනය කමිටුවට භාර කරන බවද සයිටම් ආයතනය කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත කරන බවද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය. ලබන අඟහරුවාදා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇනුමැතිය ලැබීමෙන් පසු ගැසට් නිවේදනය නිකුත් කරන බවද ඇමතිවරයා කීය. මෙම පියවර ගන්නේ සයිටම් ආයතනය…

අපනයනය සඳහා දේශිය බාධක ඉවත් කළොත් නිෂ්පාදන වියදම 25% – 30% ක් අඩුකළ හැකියි – වෙරිටේ රිසර්ච්

අපනයනය සඳහා ඇති දේශීය භාධක ඉවත් කළහොත් අපනයන කරුවන්ගේ වියදම සියයට 25කින් 30කින් පමණ අඩුකර ගත හැකි බවද එමගින් වඩා තර`ගකාරී ලෙස අපනයන සංවර්ධන කරගත හැකි බැවද වෙරිටේ රිසර්ච් ආයතනය කියයි. කෘෂි අපනයනය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක් ඇසුරින් කරුණු දක්වන එම ආයතනය කියන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා බීජ හා වෙනත් යෙදවුම් ආනයනයයේදී මෙන්ම රාජ්‍ය ආයතනවල අවසර ලබාගැනීම…

පනත සම්මතකොට වසර 14යි- ජාතික බීජ සභාව තවම නෑ

මෙරටට බීජ ආනයනය අපනයනය කිරීම විදිමත් හා පරිසර ආරක්‍ෂිත ලෙස මෙන්ම කාර්යක්‍ෂම ලෙස කිරීම සඳහා ජාතික බීජ සභා පනත සම්මත කොට වසර 14ක් ගත වී ඇතත් ඒ යටතේ පිහිටවිය යුතු ජාතික බීජ සභාව තවමත් පිහිටුවා නැති බව හෙලිදරව් වෙයි. මේ පනත සම්මත කොට ඇත්තේ 2003 වසරේදීය. බීජ ආනයන අපනයන කටයුතුවල දී ඇතිවන ප‍්‍රශ්න නිරවුල් කිරීම…

ග්ලයිෆොසේට් ගැන රතන හිමියන් කියන්නේ මුසාවාද

ග්ලයිෆොසේට් වල්නාශකය ගැන රථන හිමියන් කරන ප‍්‍රකාශය කිසිම අධ්‍යයනයකින් තහවුරු නොකළ මුසාවාද බව ක්‍ෂේත‍්‍රයේ තතුදත් විද්වත්හු ප‍්‍රකාශ කරතිග  ග්ලයිෆොසේට් උග‍්‍ර පිළිකාකාරකයක් බවත් එමගින් මළ දරු උපත් ඇතිවීම, වඳභාවය මෙන්ම වකුගඩු රෝග ඇතිවන බවත් රතන හිමියන් ප‍්‍රකාශ කොට ඇත. උන්වහන්සේ කියන මේ කිසිවක් කිසිදු අධ්‍යයනයකින් තහවුරු කොට නැති අතර යුරෝපා සංගමය කළ අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ…

මහේන්ද්‍රන්ගේ කාලෙට වඩා වැඩි පොලියට කබ්රාල්ගෙ කාලෙ බැදුම්කර දීලා !

පස් අවුරුදු බැඳුකර නිකුත් කිරීමේ දී අර්ජූන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාව සිටියදී පැවැත්වු 2015 පෙබරවාරි 27 වැනි දින වෙන්දේසියේදී බැඳුම්කර  සඳහා ලබාදුන් පොලියට වැඩි පොලී අනුපාත යටතේ නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයාව සිටිය දී තිස් අවුරුදු බැඳුම්කර නිකුත්කොට ඇති බව ඒ ගැන පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත. 2010 වසරේදී තිස් අවුරුදු බැඳුම්කර…

අස්ගිරි නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක්!- පූජ්‍ය දඹර අමිල හිමි

අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය අතිශයින්ම නොකළ යුතු ප්‍රකාශයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටේ සංහිඳියාවට බලපෑම් එල්ල කරන පුද්ගලයින් ඇගයීමට ලක් නොකළ යුතු බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් පූජ්‍ය දඹර අමිල හිමි  මෙම අදහස්…

අස්ගිරි හිමිගේ ප්‍රකාශයෙන් පසු ඥානසාර හිමි අධිකරණයට බාර වේ!

ආගමික සන්හිදියාවට බාධා ඇතිකරමින් , සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දෙමින් සිටි ගලබොඩ අත්තේ හිමියන් අද අධිකරණයට භාර වී තිබෙනවා. උසාවියෙන් වරෙන්තු ලබා සැගවසිටි උන් වහන්සේ ඊයේ අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශයෙන් පසුව අද අධිකරණයට භාර වී ඇති බව යුක්තියට වාර්තාවේ . ජාති සහ ආගම්වලට අපහාස වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කළ…

බැඳුම්කර අලාභය සොයන්න පිළිගත් ක්‍රමවේදයක් නෑ

බැඳුම්කර අලාභය ගණනය කිරීමට විදේශීය වෙළෙඳපොළවල පිළිගත් ක්‍රමවේදයක් නොමැති බව ලෝක බැංකුව ලිපියක් මඟින් දැනුම් දී තිබෙන කාරණය නිවැරැදි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (20) සාක්ෂි දෙමින් පිළිගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන මහතා ලෝක බැංකුව ඉදිරිපත් කර තිබෙන ලිපියට අදාළ කාරණා සාක්ෂිකරුගෙන් විමසීමේදී සාක්ෂිකරු එම කාරණය පිළිගනිමින් එය නිවැරැදි බව පැවසීය….

කබ්රාල්ගේ කාලේ මහබැංකුව ඊ පී එෆ් එකට කෝටි දහස් ගණනක් පොලු තියලා ! 2008 දී පමණක් කෝටි 387.2 ක් .

මහබැංකුවේ අධිපති ලෙස නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ කාලයේ මහා බැංකු බැදුම්කර සදහා වෙළඳපොළ පැවති පොලි අනුපාත නොගෙවීමෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි දහස් ගණනක පාඩුවක් සිදුකොට ඇති බවට බදුම්කරගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් වී තිබේ . එකල ක්‍රියාත්මක වූ රෘජු ස්ථානගත කිරීමේ ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදලට බැදුම්කර නිකුත්කිරීමෙන් 2008 වසරේදී සිදුකොට…

හිතවත් විග්නේෂ්ට හිතවත් සම්බන්ධන්ගෙන් ලිපියක්

2017.06.16 -ගරු සී.වී. විග්නේෂ්වරන්, විනිසුරු උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය,- මා හිතවත් විග්නේෂ්,- ඔබ විසින් කරන ලද කථාවේ පිටපතක් ද සමඟ 2017.06.14 වැනි දින මා වෙත එවා තිබූ ඔබතුමාගේ ලිපිය පිළිබඳව මාගේ ස්තූතිය පුදකරමි. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය පිණිස පහත සඳහන් කරුණු සඳහන් කිරීමට කැමැත්තෙමි. ඔබ විසින් පත් කරනු ලැබූ පරීක්‍ෂණ මණ්ඩලය විසින් අමාත්‍යවරුන් 4…

අල්ලස් කොමිසමේ සහායට විශේෂඥයෝ 200 ක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදා ගැනීමෙන් ඉවත්ව, විවිධ ක්‍ෂේත‍්‍ර පිළිබඳ විශේෂඥයක් බඳවාගෙන විමර්ශන කටයුතු වඩා කාර්යක්‍ෂම කිරීමට කටයුතු කරන බව කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් විජේමාන්න මහතා ප‍්‍රකාශ කොට ඇත. පොලිස් නාලධාරීන් සතු නොවන විගණනය, බැඳුම්කර ප‍්‍රශ්න, ඉංජිනේරු තොරතුරු තාක්‍ෂණ, බැංකුකරණය, කොටස් වෙළඳ පොළ හා ජාත්‍යන්තර වෙළඳාම වැනි…