කබ්රාල්ගේ කාලේ මහබැංකුව ඊ පී එෆ් එකට කෝටි දහස් ගණනක් පොලු තියලා ! 2008 දී පමණක් කෝටි 387.2 ක් .

මහබැංකුවේ අධිපති ලෙස නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කළ කාලයේ මහා බැංකු බැදුම්කර සදහා වෙළඳපොළ පැවති පොලි අනුපාත නොගෙවීමෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි දහස් ගණනක පාඩුවක් සිදුකොට ඇති බවට බදුම්කරගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් වී තිබේ . එකල ක්‍රියාත්මක වූ රෘජු ස්ථානගත කිරීමේ ක්‍රමය යටතේ සේවක අර්ථසාධක අරමුදලට බැදුම්කර නිකුත්කිරීමෙන් 2008 වසරේදී සිදුකොට ඇති පාඩුව රුපියල් කෝටි 387.2ක් බව නීතිඥ චානක ද සිල්වා මහතා කොමිසමට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය . අනෙක් වසරවල් සදහාද මෙම අලාභය ගණන් බලා ඉදිරිපත් කරන ලෙස කොමිසම ඔහුට උපදෙස් දුන්නේය .

සේවක අර්ථසාධක අරමුදලේ ඇත්තේ හැටපන් ලක්ෂයක් වන සේවක ජනයාගේ ඉතිරිකිරිම්ය . අවසානයේ සේවකයන් අතට ලැබෙන මුදල තීරණය වන්නේ බැදුම්කර සදහා ලැබෙන පොලිය අනුවය . මහා බැංකුව කර ඇත්තේ සේවක මුදල් සොරකම් කිරීමක් වැනි ක්‍රියාවක් බව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *