අපනයනය සඳහා දේශිය බාධක ඉවත් කළොත් නිෂ්පාදන වියදම 25% – 30% ක් අඩුකළ හැකියි – වෙරිටේ රිසර්ච්

අපනයනය සඳහා ඇති දේශීය භාධක ඉවත් කළහොත් අපනයන කරුවන්ගේ වියදම සියයට 25කින් 30කින් පමණ අඩුකර ගත හැකි බවද එමගින් වඩා තර`ගකාරී ලෙස අපනයන සංවර්ධන කරගත හැකි බැවද වෙරිටේ රිසර්ච් ආයතනය කියයි. කෘෂි අපනයනය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක් ඇසුරින් කරුණු දක්වන එම ආයතනය කියන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා බීජ හා වෙනත් යෙදවුම් ආනයනයයේදී මෙන්ම රාජ්‍ය ආයතනවල අවසර ලබාගැනීම හා සම්බන්ධීකරණය ආදී කටයුතුවලදී අපනයනකරුවන්ට බොහෝ ප‍්‍රශ්නවලට පුහුණදීමට සිදුවන බවකි.
ඇතැම් ආයතන වරින්වර සිය රේගුලාසි වෙනස් කරන බවත් ඒවා අපනයනකරුවන්ට දැනුම් නොදීම නිසා බරපතල ප‍්‍රශ්න අතිවන බවත් එම ආයතනය කියයි. එමෙන්ම තොරතුරු තාක්‍ෂණය දියුණූ වී ඇතත් අපනයනකරුවන්ට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් බලා ගැනීමේ හැකියාව සීමා සහිත බව එම ආයතනය කියයි. ඇතැම් තොරතුරු ලබාගත හැකි වන්නේ රේගුවට මුදල් ගෙවීමෙන් බවද කියන එම ආයතනය මෙම තොරතුරු පහසුවෙන් ලබාගැනීමට  අපනයන කරුවන්ට ඉඩ සලසා දීමෙන් අපනයනය නංවීමේ හැකියාව ඇති බවද පෙන්වා දෙයි.
අපනයන කරුවන්ට විදේශ වෙළෙඳ පොළවල දී ඇති බාදා ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින ආණ්ඩුව දේශීය වෙළඳපොලේ පවතින මේ ප‍්‍රශ්න පිළිබදවද අවදානය යොමු කළ යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.
අප රටේ දැන් ක‍්‍රියාත්මක වන නීති රීති යල් පැනගිය ඒවා වේ. ඇතැම් නීති රීති දශක තුන හතරකින් යාවත්කාලීන කොට නැත. මෙ තත්ත්වය ද අපනයන සංවර්ධනයට බලපා ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *