අස්ගිරි හිමිගේ ප්‍රකාශයෙන් පසු ඥානසාර හිමි අධිකරණයට බාර වේ!
ආගමික සන්හිදියාවට බාධා ඇතිකරමින් , සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට අනුබල දෙමින් සිටි ගලබොඩ අත්තේ හිමියන් අද අධිකරණයට භාර වී තිබෙනවා. උසාවියෙන් වරෙන්තු ලබා සැගවසිටි උන් වහන්සේ ඊයේ අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශයෙන් පසුව අද අධිකරණයට භාර වී ඇති බව යුක්තියට වාර්තාවේ .
ජාති සහ ආගම්වලට අපහාස වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට තුන්වන වරටත් අද ඇප නියම වුණා.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේ රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැරීමටයි.
මීට පෙර අද දිනයේදී උන්වහන්සේ අවස්ථා දෙකකදී අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදි ද ඇප ලබාදීමටයි අධිකරණය නියෝග කළේ.
බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (21) පෙර ඇප ලැබ, අත්අඩංගුවට පත්ව, ඇප ලබා, යළි ඇප ලැබීමෙන් පසු මාධ්‍යට ප්‍රකාශයක් කළා.
උන්වහන්සේ කියා සිටියේ තමන් මතු කළ ප්රශ්නය සාකච්ඡා කිරීම මහා යතිවරුන්ට භාර කරන බවයි.
