ජනපති රනිල්ගේ නිවෙසට ගිනි තැබීම: හිටපු සජබ මන්ත්‍රී රිමාන්ඩ්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ පුද්ගලික නිවෙසට පසුගිය ජූලි මස 09 වැනිදා ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර සභාවේ හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් යන අය ලබන අප්‍රේල් මස 04 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්…

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඇරඹේ – තවදුරටත් ආරක්ෂක අංශ සහාය

අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව තවදුරටත් සහාය වනු ඇති බවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ. එමෙන්ම මේ වනවිට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්…

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ

රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය…

මැරෙන තෙක් උපවාසයක් අරඹන්න සිපෙට්කෝ විරෝධතාකරුවන් කිසිවෙක් නෑ

  ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සංගම් විසින් මේ වන විට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්තනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම වෘත්තීය සංගම් අතර මේ වන විට සංවාදයක් ඇති වි තිබේ. මාරාන්තික උපවාසයකට මේ මොහොතේ තීරණය කිරීම ඉතා අවදානම් සහගත බව ඔවුන් අතර සාකච්චා වී ඇත. එනිසා එවන් තීරණයක් ගන්නේ නම් මාරාන්තික…

විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර

  ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා තවත් ජාත්‍යන්තර  සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ චීනයේ සිනොපෙක් ,ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමෙරිකාවේ ආර් එම් පාක් යන සමාගම් තුනටයි. මෙම සමාගම් තුනට අවසර…

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කෙරේ

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක්…

ජෝසෆ් ස්ටාලින් අයි එම් එෆ් යන්න බෑ කියයි !

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියාත්මක කොට ඇති රජයේ නව බදු ක්‍රමය සම්බන්ධයෙන් එයට විරුද්ධ සංවිධාන සමග  මුල්‍ය අරමුදල සිකුරාදා කැඳවා තිබු සාකච්ඡාවට තමන් සාභාගී නොවන බව ලංකා ගුරු සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා එම සංවිධානයට දැනුම් දුන් බව වාර් තා වෙයි. මෙම ප්‍රශ්න ගැන ක්‍රියා කිරීමට මුල්‍ය අරමුදලට ජනවරමක් නැති…

අයි එම් එෆ් වෙතින් වෘත්තිකයන්ටත් කොන්දේසි

  රජය මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බදු සංශෝධනවලට විකල්ප ඉදිරිපත් කරන්නේ නම්, එමගින් රාජ්‍ය ආදායම අඩු නොවිය යුතු බවත්, වැඩි වන බදු සාමාන්‍ය ජනයා වෙත පැටවීම සිදු නොවිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය  අරමුදල මෙරට  වෘත්තියවේදී සංවිධාන නියෝජිතයින්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. වක්‍ර බදු හෝ සාමාන්‍ය ජනයාට බරක් වන බදු වැඩි කිරීමකින්…

විශ්ව විද්‍යාල ආචාර් යවරු වැඩ නොකර වැටුප් ගනිති

  පසුගිය 10 දා සිට අඛණ්ඩ වැඩ ර්වජනයක නිරත වී සිටින විශ්ව විද්‍යාල ආචාර් යවරුන් බොහෝ දෙනෙකු තම මාර්තු මස වැටුප ලබාගෙන  ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි. ආචාර් යවරුන් විශාල පිරිසක් වැඩ ර්වජනයට සහය නොදෙන අතර එම පිරිස වැටුප් ලබා ගන්නා අතර වැඩ ර්වජනය කර සිටින බව කියන ආචාර් යවරුන්ද වැටුප් ලබාගෙන තිබේ. මෙම…

අරගල අපට එපා ! වසන්ත මුදලිගේ යාපනයෙන් පන්නයි

  විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ. ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග…

පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල් හෙට සිට

  රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේ දී රජය වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා…

පොලිස්පතිට සේවා දිගුවක් ; දේශබන්දුට ටිකක් ඉන්න කියයි

  පසුගිය දා විශ්‍රාමයාමට නියමිතව සිටි පොලිස්පති ඩී සී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇති ජනාධිපතිතුමා එම තනතුර අපේක්ෂාවෙන් සිටි ජෙෂ්ට නිනොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තව ටික දිනක් ඉවසන ලෙස  දැනුම් දුන් බව වාර්තා වෙයි. පොලිස්පතිවරයා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සමග ජනාධිපතිතුමා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා කළ සාකච්ඡාවක…