පොලිස්පතිට සේවා දිගුවක් ; දේශබන්දුට ටිකක් ඉන්න කියයි

පසුගිය දා විශ්රාමයාමට නියමිතව සිටි පොලිස්පති ඩී සී වික්රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇති ජනාධිපතිතුමා එම තනතුර අපේක්ෂාවෙන් සිටි ජෙෂ්ට නිනොජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තව ටික දිනක් ඉවසන ලෙස දැනුම් දුන් බව වාර්තා වෙයි.
පොලිස්පතිවරයා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සමග ජනාධිපතිතුමා සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා කළ සාකච්ඡාවක දී ඉහත තීරණ ගෙන ඇති අතර ඒ අනුව පොලිස්පතිගේ සේවා දිගුව ඊයේ සිට ලබා දී තිබේ.
නව පොලිස්පති පත් කිරීම මේ වනවිට විවාදාත්මක කරුණක් වී තිබේ.
