අයි එම් එෆ් වෙතින් වෘත්තිකයන්ටත් කොන්දේසි

රජය මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බදු සංශෝධනවලට විකල්ප ඉදිරිපත් කරන්නේ නම්, එමගින් රාජ්‍ය ආදායම අඩු නොවිය යුතු බවත්, වැඩි වන බදු සාමාන්‍ය ජනයා වෙත පැටවීම සිදු නොවිය යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදී සංවිධාන නියෝජිතයින්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
වක්‍ර බදු හෝ සාමාන්‍ය ජනයාට බරක් වන බදු වැඩි කිරීමකින් තොරව රජයේ ආදායම් සොයා ගැනීමේ විකල්ප බදු යෝජනා ලබා දිය හැකි නම් තමන් විරුද්ධ නොවන බව මුල්‍ය අරමුදලේ නිලධාරීන් ප්‍රකාශ කොට තිබේ.
විකල්ප යෝජනා ප්‍රයෝගික සහ ක්‍රියාවට නැගිය හැකි ඒවා විය යුතු බව ද මුල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
මුල්‍ය අරමුදලේ මෙම කොන්දේසි අනුව විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන් ප්‍රකාශ කොට ඇත.
වොෂින්ටන්හි මුල්‍ය අරමුදලේ නිලධාරීන් සහ වෘත්තියවේදී නියෝජිතයින් අතර සූම් තාක්ෂනය ඔස්සේ පැවති සාකච්ඡාවක දී මෙම කොන්දේසි ඉදිරිපත් වී තිබේ.
