නව ව්‍යවස්ථාව බකල් කරන්න සිරිපාල පරණ සෙල්ලම පටන්ගනී !

විධායක ජනාධිපති ධුරය තබාගැනීමේ උපායක් ලෙස, එම ධුරය ඉවත් කරන්නේ නම් මැතිවරණ ක්‍රමය ප්‍රථමයෙන් සංශෝධනය කළයුතු බවට වූ කොන්දේසියක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව යුක්තයට වාර්තා වේ. දින 100 ආණ්ඩු වැඩපිළිවෙල තුළ ජනාධිපති බලතල කප්පාදු කළ මොහොතේ ද සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ කොන්දේසිය ම ඉදිරිපත් කළේ ය. එක්…

රාජපක්ෂ පවුලේ කළු සල්ලිවලින් හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීමේ තැත ආණ්ඩුවේ මැදිහත්වීමකින් වළකියි

විකිණීමට මිල ගණන් කැදවා ඇති හොල්සිම් ලංකා සිමින්ති සමාගම මිලදී ගැනීමට රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරණය කරන බවට චෝදනා එල්ල වී ඇති නන්දන ලොකුවිතාන නැමැත්තා දැරූ උත්සාහය ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම නිසා ව්‍යර්ථ වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . රාජපක්ෂ පවුලට අයත් බව කියන ඩුබායි මැරියට් හෝටලයේ අයිතිකරු ලෙස පෙනී…

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන්නේ ජනාධිපති කාර්යාලයෙන් !

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට නියෝග කිරීම ජනාධිපති කාර්යාලය හා සම්බන්ධ පුද්ගලයකු විසින් සිදු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රධාන මෙහෙයුම්කරුවා ලෙස හඳුනාගෙන සිටින මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ කර්නල් ශම්මි මේ සිදු…

කෝටි 14ක් පොලු තිබ්බාට මහින්ද රාජපක්ෂට නඩු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා තවත් තිදෙනකු 2015 ජනපතිවරණ සමයේ ලංගම බස් පාවිච්චි කිරීමෙන් නොගෙවා පැහැර හළ බව කියන රුපියල් ලක්ෂ 1420ක් අයකර ගැනීම සඳහා වන නඩුවේ චෝදනා පත්‍රය යළි සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ලංගමයට අවසර දුන්නේය. මහින්ද රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා ගාමිණී සෙනරත් මෙම නඩුවෙන් චෝදනා…

ජනාධිපතිට සමීප කල්ලිය, අගමැති රනිල්ට එරෙහි කුමන්ත්‍රන මෙහෙයුම පුළුල් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජනාධිපතිට සමීප කල්ලිය දියත් කර ඇති කුමන්ත්‍රනකාරි මෙහෙයුම තවත් පුළුල් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වලින් යුක්තියට දැන්ගන්නට ලැබී ඇත. වාර්තාවන ආකාරයට මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා දූෂිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රභලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව පසුගිය දා පැවති පුරවැසි රෑස්වීම අගමැතිවරයාට එරෙහි මෙහෙයුම පුළුල් කිරීමට…

තාජුදීන් ඝාතනය ගැන බුද්ධි අංශ රහසේ කල පරීක්ෂණයත් ඉහල බලපෑමකින් නවතා දමලා -රහස් පොලිසිය අධිකරණයට කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් ලෙස නාරාහේන්පිට පොලිසිය වාර්තා කර තිබුනද ඒ පිලිබදව වෙනම පරීක්ෂණයක් කොලබ අපරාද කොට්ටසය හා ජාතික බුද්ධි අංශය විසින් සිදුකරමින් සිටි බවත් එම පරීක්ෂණයද සක සහිත ලෙස නැවත ඇති බව හෙළිවී ඇති බවත් රහස් පොලිසිය දන්වා සිටියේය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ‍කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පැවැත්වූ එම  විමර්ශන හිටිහැටියේ නවතා…

බංග්ලාදේශයේ මහ බැංකු වංචා සිද්ධියේ පොලිස් නිලධාරියකුත් !

බංග්ලාදේශයේ මහ බැංකු පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් 20,000,000 මෙරටේ ශාලිකා ෆවුන්ඩේෂන් නම් වූ ගිණුමට බැර කිරීමේ සිද්ධියට අදාළව ිමර්ශන පැවැත්වීමේ දී එම පදනමේ අධ්‍යක්ෂවරයකු ලෙස පොලිස් නිලධාරියකු ද සිටින බවට තොරතුරු අනාවරණය වන බවට රහස් පොලිසිය ඊයේ (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය. සිද්ධියට අදාළව ශාලිකා ෆවුන්ඩේෂන් හි…

ජවිපෙ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අතර හමුවක්

  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප්කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සීතා රංජනී මහත්මිය ඇතුළු සාමාජිකයින් අතර අහමුවක් පසුගිය 20වනදා පවත්වා තිබේ. තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර එම පනතේ දැනට පවතින අඩුපාඩුකම් සකස් කර එය ශක්තිමත්ව පිහිටුවා සම්මත කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා…

මුසම්මිල්ගේ වංචාවට වීරවංශත් හවුල් !

ජනාධිපති කාර්යාලයට අයත් වාහනයක් භාවිතා කරමින් එයට කුලිය වශයෙන් රජයෙන් ලක්ෂ 62ක් ලබාගත් බවට චෝදනා ලබා අත් අඩංගුවේ සිටින  ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ්  මුසාම්මිල්  කළ වංචාවට විමල් වීරවංශ මහතා ද සම්බන්ධ බව පැහැදිලි යයි දේශපාලන ආරංචි මාර්ග කියයි . ජනාධිපති කාර්යාලයෙන් මෙම වාහනය මුසම්මිල් මහතාට ලබා දී ඇත්තේ වීරවංශ මහතාගේ මැදිහත්වීමෙනි . එම…

ගම්මන්පිලට එරෙහිව සාක්ෂි දෙන්න බ්‍රියන් සැඩික් එයි – නඩුව විශේෂ කටයුත්තක් ලෙස ඉක්මනින් !

දැන් අත් අඩංගුවේ සිටින උදය ගම්මන්පිල මහතාට එරෙහිව සාක්ෂි දීම සදහා ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රියන් සැඩික් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානමින් සිටින බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත . ගම්මන්පිල මහතා චෝදනා ලබා සිටින්නේ පෑන් ඒසියා බැංකුවේ හා වෙනත් සමාගම් කිහිපයක සැඩික් මහතාට හිමිව තිබු කොටස් හොරෙන් විකුණා වංචා කිරීම සම්බන්ධයෙනි . විදේශිකයකු සම්බන්ධ මෙම නඩුව…

කෝප් වාර්තාව එනතුරු අර්ජුන මහේන්ද්‍රන් පත් නොකරන්න අගමැති රනිල් පොරොන්දු වෙයි

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කල පරීක්ෂණයේ වර්තුව ලැබෙනතෙක් අර්ජුන මහේන්ද්‍රන් මහතා මහා බැංකු අධිපති තනතුරට පර්ත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන්ට පොරොන්දු වී ඇත . අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවැරදිකරු වුවහොත් ඔහු නැවත පත් කරන බවත් එසේ නොවුනහොත් වෙනත් අයකු එම තනතුරට පත් කරන බවටත් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී…

මාධ්‍යවේදීන්ට දඬුවම් දෙන්නට සූදානම් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජූනි මස 17 වැනිදා විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා, මාධ්‍යවේදීන් ගැන කරන ලද තර්ජනාත්මක සහ අනතුරු ඇඟවීමේ ප‍්‍රකාශය දැඩිසේ හෙළාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කොට නීතිමය කි‍්‍රයා මාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටී. විශේෂ පොලිස් කාර්ය බලකයට ලැබුණු ඔත්තුවක් මත පසුගිය දා තම…