මුසම්මිල්ගේ වංචාවට වීරවංශත් හවුල් !
ජනාධිපති කාර්යාලයට අයත් වාහනයක් භාවිතා කරමින් එයට කුලිය වශයෙන් රජයෙන් ලක්ෂ 62ක් ලබාගත් බවට චෝදනා ලබා අත් අඩංගුවේ සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාම්මිල් කළ වංචාවට විමල් වීරවංශ මහතා ද සම්බන්ධ බව පැහැදිලි යයි දේශපාලන ආරංචි මාර්ග කියයි . ජනාධිපති කාර්යාලයෙන් මෙම වාහනය මුසම්මිල් මහතාට ලබා දී ඇත්තේ වීරවංශ මහතාගේ මැදිහත්වීමෙනි . එම වාහනයට කුලී ගෙවා ඇත්තේ ඒ වනවිට වීරවංශ ඇමතිවරයා යටතේ තිබු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙනි . එහිදී භාවිතා වී ඇත්තේ විමල් වීරවංශ මහතාගේ ඇමති තනතුරේ බලයයි . ඒ අනුව මෙම ලක්ෂ 62ක රජයේ මුදල් වංචා කිරීමේ චෝදනාවට විමල් වීරවංශ මහතාද අත් අඩංගුවට ගතයුතු බව දේශපාලන අංශ කියයි .
