රාජපක්ෂ පවුලේ කළු සල්ලිවලින් හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීමේ තැත ආණ්ඩුවේ මැදිහත්වීමකින් වළකියි
විකිණීමට මිල ගණන් කැදවා ඇති හොල්සිම් ලංකා සිමින්ති සමාගම මිලදී ගැනීමට රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරණය කරන බවට චෝදනා එල්ල වී ඇති නන්දන ලොකුවිතාන නැමැත්තා දැරූ උත්සාහය ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම නිසා ව්‍යර්ථ වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . රාජපක්ෂ පවුලට අයත් බව කියන ඩුබායි මැරියට් හෝටලයේ අයිතිකරු ලෙස පෙනී සිටින්නේ මෙම නන්දන ලොකු විතාන නැමැත්තාය. හොල්සිම් සමාගම මිලදී ගැනීමට ඉහළම මිලගණන් ඉදිරිපත් කොට ඇත්තේ මොහු බව කියති . මෙම තොරතුරු රජයේ ඉහළම බලවතෙකුට වාර්තා වී ඇත . වහාම ක්‍රියාත්මක වූ මෙම බලවතා හොල්සිම් සමාගමේ මවු රට වන ස්විට්සර්ලන්ත රජයට දන්වා ඇත්තේ මෙම ගනුදෙනුව සිදුවුවහොත් මුදල් විශුද්ධිකරණය යටතේ ඒ ගැන ක්‍රියා කිරීමට සිදුවිය හැකි බවයි . ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් ජාත්‍යන්තර පිළිගත් සම්මුති අනුව ක්‍රියා කරන ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික ලෙස ස්විට්සර්ලන්ත රජයට දන්වා යවා ඇත .
විශාල ගනුදෙනුවලදී ඒ සදහා මුදල් ලැබුණු ආකාරය තහවුරු කර ගැනීම මුදල් විශුද්ධිකරණ පිළිබද ජාත්‍යන්තර සම්මුති මගින් පිළිගත් මුලධර්මයකි . නන්දන ලොකුවිතාන නැමැත්තා මේ වනවිට අතිවිශාල ධනයකට හිමිකම් කීවද ඔහු එම ධනය උපයාගත් ආකාරය අභිරහසක් බව කියති .
හොල්සිම් සමාගම මිල දී ගැනීමට ඉන්දියානු හා චීන ආයෝජකයෝ ඉදිරිපත්ව සිටිති . සමාගමේ අයිතිය මෙරටට ලබා ගැනීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක්ද උත්සහ දරමින් සිටින බව දැනගන්නට ඇත . මෙම මස අග වනවිට ගනුදෙනුව තින්දුවනු ඇතිබව අපගේ ආරංචි මාර්ග කියයි .
