හදිසි ජනපතිවරණයකට ආණ්ඩුව නීති උපෙදෙස් ගනියි ; ශ්‍රේෂ්ටාධිකරණයේ මතය විමසන්න සුදානමක් !

  නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති නීතිමය තත්ත්වය පිළිබඳව ආණ්ඩුව නීති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් ලබාගෙන ඇති බව තතු දත්  ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණය කැඳවීමට අනුප්‍රාප්තික ජනාධිපතිට බලයක් නැතැයි ඉදිරිපත් වූ තර්කය මත ආණ්ඩුව මෙම නීති උපදෙස් ලබාගෙන තිබේ.  වැඩ බලන ජනාධිපතිවරයකුට එම බලය නැතත්, අනුප්‍රාප්තික ජනාධිපතිට එම බලය ඇති බව එහි දී නීති…

විපක්ෂ පොදු අපේක්ෂක කතාව සජිත් ලත් තැන ලොප් කරයි ; සජිත් හැර වෙන කෙනෙක් බැහැ ; කෘත්‍යාධිකාරියේ තීරණය කරයි

  ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනා ලත් තැන ලොප් කරමින් එයට  සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවත්, අනෙක් පක්ෂ ඔහුට සහය දිය යුතු බවත්, සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඊයේ පැවති හදිසි රැස්වීමේ දී තීරණය කොට ඇත. සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන පක්ෂවල සන්ධානයක් ගොඩ…

ජනපති සහ TNA අතර සාකච්ඡාවක්

උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා තිබේ. අද (09) දිනය තුළ ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පවත්වා තිබේ. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු…

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී බැංකු රකින බවට මහ බැංකුවෙන් පොරොන්දුවක් ලැබුණා – බැංකු සංගමය

    ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී බැංකුවල ස්ථාවර භාවය රැක ගන්නා  බවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බැංකු කරුවන්ට සහතිකයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. බැංකුවල ස්ථාවර බව මෙන් ම තැන්පතු, ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව ද පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව මහ බැංකුව සහතික කොට ඇත. මෙබඳු ම සහතිකයක් ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ද…

වසර අග දී ජනාධිපතිවරණයක් – ‘සන්ඩේ ටයිම්ස්’ දේශපාලන ලියුම්කරු කියයි

  මේ වසර අග දී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු ප්‍රකාශ කරයි. එම පුවත්පතේ අද පළවූ වර්තාවක සඳහන් වන්නේ මෙම වසරේ නොවැම්බර් , දෙසැම්බර මාසවල එම ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව යි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය විය හැකි බව ද එම ලිපියේ සඳහන් වෙයි….

ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකු ඉවතට

  ඒ ඒ පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  ලැබුණු පැමිණිලි මත පළාත් ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකුට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය නියෝග කර තිබේ. ඒ අනුව එම තීරණය අනුව ඉල්ලා අස්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ට දැනුම්…

රනිල්ට ජනාධිපතිවරණයට යන්න සජිත්ගේ සහය ; සජබ නොකැඩීමට ප්‍රති උපකාර

  හදිසි ජනාධිපතිවරණයකට  යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළහොත් එයට එයට ව්‍යවස්ථාමය බාධා ඇත්නම් ඉවත් කර ගැනීමට තම පක්ෂයේ සහය ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට එකතු වීම වලක්වා ගැනීම සඳහාත්, විපක්ෂ නායක ධුරය…

රනිල්ගෙන් ඇමතිකම් නොඉල්ලන්න පොහොට්ටුව තීරණය කරයි

    තමන්ට ඇමතිකම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තවදුරටත් ඉල්ලා නොසිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් තීරණය කොට ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. තමන් දිගින් දිගට කරන ඉල්ලීම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොතකා හැරීම නිසා තව දුරටත් ඉල්ලීම් කිරීමේ තේරුමක් නැති බව එම කණ්ඩායමේ නිගමනය වී ඇතැයි කියති. තමන්ගේ…

ආචාර්ය සංගමයට කොකා පෙන්වා ආචාර්යවරු උත්තර පත්‍ර බැලීමට කලින් ම ඇවිත්

  උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සහභාගීවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කරන්නට පෙර සිට විශ්ව විද්‍යාල ආචාර්යවරු විශාල පිරිසක් උත්තර පත්‍ර පරීක්ෂාවට සහභාගී වී සිටි බවත්, එමගින් ආචාර්ය සංගමයේ වර්ජනය බොහෝ දුරට අසාර්ථක වී තිබු බවත් , විභාග දෙපාර්තමේන්තු නිලධාරීහු ප්‍රකාශ කරති. එම ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් උසස් පෙළ විෂයයන් හතලිහක පමණ උත්තර…

මැතිවරණ කොමිසම අවසන් ; නව සාමාජිකයන් පත් කෙරේ

        ඉදිරි සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී. කොමිෂන් සභා සියල්ලටම නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්ත යටතේ මෙම පත් කිරීම් ද සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කටයුතු කළ යුතු වුව පලාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට…

අ.පො.ස. උසස් පෙළ මෙතෙක් නොබැලූ පිළිතුරු පත් ඇගයීම් සඳුදා මධ්‍යස්ථාන 10කදී ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මෙතෙක් ඇගයීම් කටයුතු සිදු නොකළ විෂයයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම රට පුරා තවත් මධ්‍යස්ථාන 10කදී ලබන සඳුදා (9) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දැනටමත් ආරම්භ කර ඇති පිළිතුරු පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් මේ පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දිනමිණ සිදු කළ…

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල්වලින් ඉහළ ගියත්, ඩොලර් වලින් පහළට

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේ දී රුපියල් අගය අනුව ඉහළ ගොස් ඇතත්, ඩොලර් වටිනාකම වශයෙන් අඩු වී ඇති බව වාර්තා වෙයි. 2022 වසරේ දී එය  එක්සත් ජනපද ඩොලර් 3,474 ක් ලෙසින් සටහන් වී ඇත. 2021 වසරේ දී මෙම අගය ඩොලර් 3,997 ක් ලෙසින් වාර්තා වී තිබිණි. ඒ අනුව ශ්‍රී…