හදිසි ජනපතිවරණයකට ආණ්ඩුව නීති උපෙදෙස් ගනියි ; ශ්‍රේෂ්ටාධිකරණයේ මතය විමසන්න සුදානමක් !

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති නීතිමය තත්ත්වය පිළිබඳව ආණ්ඩුව නීති ක්ෂේත්රයේ විශේෂඥයින්ගේ උපදෙස් ලබාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණය කැඳවීමට අනුප්‍රාප්තික ජනාධිපතිට බලයක් නැතැයි ඉදිරිපත් වූ තර්කය මත ආණ්ඩුව මෙම නීති උපදෙස් ලබාගෙන තිබේ. වැඩ බලන ජනාධිපතිවරයකුට එම බලය නැතත්, අනුප්‍රාප්තික ජනාධිපතිට එම බලය ඇති බව එහි දී නීති විශාරදයින් පවසා ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.
අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිට හැකියාව තිබෙන බව ද නීති විශාරදයින් පෙන්වා දී තිබේ.
