විපක්ෂ පොදු අපේක්ෂක කතාව සජිත් ලත් තැන ලොප් කරයි ; සජිත් හැර වෙන කෙනෙක් බැහැ ; කෘත්‍යාධිකාරියේ තීරණය කරයි

 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනා ලත් තැන ලොප් කරමින් එයට  සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවත්, අනෙක් පක්ෂ ඔහුට සහය දිය යුතු බවත්, සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඊයේ පැවති හදිසි රැස්වීමේ දී තීරණය කොට ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන පක්ෂවල සන්ධානයක් ගොඩ නැගීමට ද එහි දී තීරණය කොට තිබේ.

සමගි ජන බලවේගය මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවට ලක් වෙමින් තිබිය දී ය.

ඊයේ තම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවූ සමගි ජන බලවේගය ඉහත කී යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබේ.

ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසක් පිළිබඳව සහ ඒ සඳහා මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නම යෝජනා වී ඇති බවත්, පසුගිය දිනවල වාර්තා වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *