ඇතුලේ විරෝධයෙන් මහින්දගේ පක්ෂය හබක්

අලුතින් වෙනම පක්ෂයක් හැදීමට මහින්ද පිලේ මන්ති පිරිසක් විරුද්ධ වීම නිසා නව පක්ෂය හැදීම දින නියමයක් නැතිව කල් දමා ඇති බව දැනගන්නට ඇත . තමන් නව පක්ෂයකට එක් නොඅන බ එම කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ කියන්නට පටන්ගෙන ඇති බව ද වාර්තා වෙයි . ලබන අට වැනිදා පක්ෂය ප්‍රකාශයට පත් කිරීමේ සැලැස්ම මෙම තත්වය යටතේ අත්…

විමල් හා ගජ මිතුරු කල්ලිය ලක්ෂ 270ක් හොරා කාලා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පවත්වාගෙන ගිය හොරණ ගල්පාත කාපට් වැඩබිම ට මුවා වී හිටපු ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා හා ඔහුගේ ගජ මිතුරු කල්ලිය රුපියල් ලක්ෂ 270ක මුදලක් සොරකම් කර ඇතැයි නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව් කරයි. හොරණ ගල්පාත කාපට් වැඩබිමට යයි පවසමින් මෙම මුදල් ජයලත් කන්ස්ට්‍රක්ෂන්ස්…

ලසන්ත ඝාතනයට යොදාගත් අමුතු අවියක් සොයා පරීක්ෂණ

මාධ්‍යවීදී  ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සදහා යොදාගත් බව කියන අමුතු ආකාරයේ උල් අවියක් සොයා රහස් පොලිස් පරීක්ෂණ යොමු වී ඇති බව වාර්තා වෙයි . වෙඩි තබා ඝාතනය කල බවට තීරණය කොට භූමදාන කොට තිබු ලසන්තගේ සිරුර යලි ගොඩ ගැනීමට සිදුවුයේ මෙම ඝාතනයට යොදා ගෙන ඇත්තේ සත්ව ඝාතනයට යොදාගන්නා විශේෂ වර්ගයක ආයුධයක් බවට කරුණු හෙළිදරවු…

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට

රජයේ ආයතන 113ක් බත්තරමුල්ලට රැගෙනයාමට මෙගාපොලිස් වැඩ පිළිවෙළ යටතේ රජය සැලසුම් කොට ඇත . එහි මුල් පියවර ලෙස ආගමන විගමන කාර්යාලය හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය  බත්තරමුල්ලට ගෙනයාම පසුගිය සති අන්තයේ සිදුවිය . සෙත්සිරිපායේ ඉදිකරණ නව ගොඩනැගිල්ලක හා සුහුරුපායේ රාජ්‍ය ආයතන රැසකට පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇත . මෙලෙස රජයේ ආයතන කොලබින් ඉවතට ගෙනයාමත් සමග…

අධිකරණයට අපහාස කළ ඥානසාර හිමිට අලුතින් චෝදනා පත්‍රයක්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්   අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය සංශෝධනය කර ලබන  13 වැනි දා ඉදිරිපත් කරන ලෙස අභියාචානාධිකරණය නීතිපතිට ඊයේ  (27) නියෝග කළේය. මෙම චෝදනා පත‍්‍රය පිළිබඳව විරෝධතා ලිඛිතව ලබන නොවැම්බර් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අභියාචානාධිකරණය හිමිනමට දැන්වීය. මෙම රිට් පෙත්සම අභියාචානාධිකරණ…

නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක හෙළිකරයි

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සිදු කරන ලද විමර්ශන අනුව යහ පාලන රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි. යහපාලන රජයේ ඇමැතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරුන් 15 දෙනකුට අධික පිරිසක් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ප්‍රශ්න කර ඇති බවත්…

කළු සල්ලි ගනුදෙනු හොයන්න මහ බැංකුව සිංගප්පුරු මුල්‍ය ඔත්තු සේවා සහය ලබාගනී

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී ලෙස ඉපයූ ධනය සැගවීම පිලිබඳ තොරතුරු හෙළිදරවු කරගැනීම සදහා සිංගප්පුරුවේ මුල්‍ය ඔත්තු සේවාවක සහය ලබාගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇත . එලෙස සහය ලබාගැනීමට යන්නේ ‘ සැකකටයුතු ගනුදෙනු වාර්තාකිරීමේ කාර්යාලය’ නම් සිංගප්පුරු මුල්‍ය ඔත්තු සේවවෙනි . ඒ සදහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තබා ඇති බව වාර්තා වෙයි .

බැසිල්ගේ පුගොඩ ඉඩමත් රාජසන්තක වෙයි !

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබුනා යයි පැවසෙන ගම්පහ මල්වාන ඉඩම හා නිවාස  රාජසන්තක කරන ලෙස ඉල්ලා  පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස සුදානම් වන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ ඉඩම සම්බන්ධයෙන් පූගොඩ අධිකරණයේ මේවනවිට නඩු කටයුත්තක් සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බැසිල්…

මාධ්‍යවේදී සිවරාම් හෙවත් ‘තාරකී’ ඝාතනයත් හමුදා බුද්ධි අංශයේ වැඩක්..!

‘ටැමිල් නෙට්’ වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක තරාකී  හෙවත්  ධර්මරත්නම් සිවරාම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රබල හෝඩුවාවන් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටීයි. ඒ, පසුගිය පාලන සමයේ සිදුවූ අභිරහස් ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි සාමාජිකයින් ගෙන් ප්‍රශ්න කිරීමේදීය. 2005 වසරේ අප්‍රේල්…

ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යැයි ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (21) පාර්ලිමේන්තුවේදි අනාවරණය කර සිටියේ ය. ඒ අද පැවති විවාදයක් අතර තුර මහින්ද පිලේ මන්ත්‍රීවරයෙකු විසින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගෙන් ලසන්ත ඝාතනය ගැන විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා පවසන්නේ…

සාම්පුර් වෙනුවට තාප බලාගාර තුනක් – ඩීසල් දෙකයි ; ගෑස් ටර්බයින් එකයි

රජයේ ප්‍රතිපත්ති තීරණයක් ලෙස  සාම්පුර් ගල් අගුරු බලාගාරය ඉදිකිරීම නවතා දැමීම නිසා ඇතිවන විදුලි අර්බුදයට පිළියම් ලෙස තාප විදුලි බලාගාර තුනක් වහාම ඉදිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ යෝජනාවට මහජන උපයෝගිත කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි .ඒ අනුව මෙගා වොට් 170ක් වන ඩීසල් විදුලි බලාගාර දෙකක් හා මෙගා වොට් 105ක ගෑස් ටර්බයින බලාගාරයක්…

තාජූඩින්ගේ අස්ථි කොටස් සයිටම් ගෙනියලා – රහස් පොලිසිය අධිකරණයට කියයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් මා‍ලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙත ගෙන ගොස් ඇතැයි හෙළි වූ බව රහස් පොලීසිය අද (21) අධිකරණයට දැනුම්දී තිබේ. ඒ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාග වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ…