සාම්පුර් වෙනුවට තාප බලාගාර තුනක් – ඩීසල් දෙකයි ; ගෑස් ටර්බයින් එකයි

රජයේ ප්‍රතිපත්ති තීරණයක් ලෙස  සාම්පුර් ගල් අගුරු බලාගාරය ඉදිකිරීම නවතා දැමීම නිසා ඇතිවන විදුලි අර්බුදයට පිළියම් ලෙස තාප විදුලි බලාගාර තුනක් වහාම ඉදිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ යෝජනාවට මහජන උපයෝගිත කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි .ඒ අනුව මෙගා වොට් 170ක් වන ඩීසල් විදුලි බලාගාර දෙකක් හා මෙගා වොට් 105ක ගෑස් ටර්බයින බලාගාරයක් ඉදිකිරීමට නියමිතය . මෙම බලාගාර වලින් විදුලිය නිපදවීමේදී ද වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිකුත්වෙයි . එමෙන්ම එම විදුලිය නිපදවීම මිල අධිකය . සාම්පුර් බලාගාරය නැවැත්වීමේ ප්‍රතිඵලය මෙබදුය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *