මාධ්‍යවේදී සිවරාම් හෙවත් ‘තාරකී’ ඝාතනයත් හමුදා බුද්ධි අංශයේ වැඩක්..!
2005 වසරේ අප්‍රේල් මස 28 වන දින, බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී, පුද්ගලයන් 4 දෙනෙකු විසින් සිවරාම් මහතාව සුදු වෑන් රථයකින් පැහැර ගෙන යනු ලැබූ අතර ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඊට පසු දින පාර්ලිමේන්තුව ආසන්නයේ කිඹුලා ඇල ප්‍රදේශයේදී සොයා ගන්නා ලදී.
ධර්මරත්නම් සිවරාම් මහතාගේ ඝාතනයේ වගකීම එකල ‘මහසෝන් කල්ලිය’ නැමති සංවිධානයකින් භාර ගන්නා ලද අතර එකී මහසෝන් කල්ලිය යනු කවුරුදැයි මේ වන විට රහස් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. එකී අනාවරණය සඳහා උපකාරී වී ඇත්තේ ධර්මරත්නම් සිවරාම් මහතාගේ ජංගම දුරකතනයයි.
ධර්මරත්නම් සිවරාම් මහතා ඝාතනය කිරීමෙන් අනතුරුව එකී ඝාතක කණ්ඩායම ඔහු හා සම්බන්ධතා පවත්වන පුද්ගලයන් පිළිබඳව වැඩි දුරටත් දැන ගැනීම සඳහා මාසයකට ආසන්න කාලයක් ජංගම දුරකතනය ක්‍රියාත්මකව තබාගෙන ඇත. එකී ඝාතක කල්ලිය යන එන සියලු ස්ථාන කරා මෙම ජංගම දුරකතනයද රැගෙන ගොස් ඇති අතර එම ක්‍රියාව නිසා රහස් පොලිසියට මිනීමරුවන් කවුදැයි යන්න පහසුවෙන්ම අදුනා ගැනීමට හැකිවී තිබේ.
මෙම පැහැරගෙන යාම හා ඝාතනය හමුදා බුද්ධි අංශයක මෙහෙයවීම මත සිදුවී ඇති බව මේවනවිට අනාවරණය වී ඇත. එකී බුද්ධි අංශය මේ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව එකල ක්‍රියාත්මක සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයන්ය.
ඔවුන් 1988 මාලදිවයින් ආණ්ඩුව පෙරලීම සඳහා මෙහෙයුමක් දියත් කළ කණ්ඩායමේ සාමාජිකයන් බව පැවසෙන අතර, එම මෙහෙයුමට සම්බන්ධව සිටි පීටර් නැමැත්තෙකු ප්‍රශ්න කිරීම සඳහා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
LANKAANEWS
