ලසන්ත ඝාතනයට යොදාගත් අමුතු අවියක් සොයා පරීක්ෂණ
මාධ්යවීදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සදහා යොදාගත් බව කියන අමුතු ආකාරයේ උල් අවියක් සොයා රහස් පොලිස් පරීක්ෂණ යොමු වී ඇති බව වාර්තා වෙයි . වෙඩි තබා ඝාතනය කල බවට තීරණය කොට භූමදාන කොට තිබු ලසන්තගේ සිරුර යලි ගොඩ ගැනීමට සිදුවුයේ මෙම ඝාතනයට යොදා ගෙන ඇත්තේ සත්ව ඝාතනයට යොදාගන්නා විශේෂ වර්ගයක ආයුධයක් බවට කරුණු හෙළිදරවු වීම නිසාය . විශේෂඥ අධිකරණ වෛද්‍ය කණඩායමක් මගින් ලසන්තගේ මරණ පරීක්ෂණය නැවත සිදු කිරීමට අධිකරණය නියෝග කලේ මෙම ප්රශ්නය පිලිබදව රහස් පොලිසිය කළ කරුණු දැක්වීමේ ප්‍රතිපලයක් වශයෙනි .
ලසන්ත ඝාතනයට යොදාගත් අමුතු අවිය සොයා රහස් පොලිසිය පරීක්ෂණසිදුකරන බව දැනගන්නට ඇත . මධ්යවීදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමට යොදාගත්තේ ද මෙබදුම අවියක් බව කියති .
