එක්සත් වාමාංශික පෙරමුණ අනුරගෙන් සජිත්ට

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයදීමට කලින් තීරණය කොට සිටි එක්සත් වාමාංශික පෙරමුණ ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමකදී ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කොට ඇති බව වාර්තාවෙයි. නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රධාන ලේකම් ධුරය දරණ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඊයේ පැවැති රැස්වීමේ දී එහි බහුතරය…

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සොයාබැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එමෙන්ම ජනාධිපති, අගමැති, බුද්ධි අංශ ප්‍රධානීන් නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවයා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් ලෙස කමිටුව විසින් නම්කර තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ වාර්තාව කාරක සභා සාමාජිකයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම…

රෝයල් පාක් ඝාතනයේ වරදකරුට ජනපති සමාව දීමේ යෝජනාවට විරෝධය

රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තමන් සළකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොහොයුරිය වන කැරෙලින්සි ජොන්සන් පවසයි. 2005 වසරේදී එවකට 19 හැවැරිදි ලංකික සම්භවයක් ඉවෝන් ජොන්සන් තරුණිය ඝාතනයට ලක්විය. මේ පිළිබඳව සිය ෆේස්…

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සහ දරනවා – හකීම්ගෙන් විශේෂ ප්‍රකාශයක්

කිසිදු විටෙක ත්‍රස්තවාදීන් සමඟ ඇසුරක් නොතිබුණු තමන් හට අහම්බයෙන් සිදුවූ හමුවීමක් පාදක කරගනිමින් එල්ලකරමින් පවතින චෝදනා ඉතා පහත් නින්දිත ක්‍රියාදාමයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ තේරීම් කාරක…

ආර්ථික සංවර්ධනය අඩු වුණේ රාජ්‍ය මූල්‍ය පාලනයට දැඩි පියවර ගත් නිසයි. – සොෆ්ට් ලොජික් ප්‍රධාන විධායක

පසුගිය කාලයේ රටේ ආර්ථික වර්ධනය අඩු වීමට හේතු වුයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමට රජය ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් බව සොෆ්ට් ලොජික් කැපිටල් මාර්කට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනුෂ්ක සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. පසුගියදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවද ඉදිරිකාලයේදී ආර්ථිකයේ යහපත් වර්ධනයක් ඇතිවන බවත්, ලෝක ආර්ථිකයේ…

කළු සල්ලි සංසරණයවන රටවල ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලෝකයේ කළු සල්ලි සංසරණයට ඉඩ ඇති බවට හඳුනාගත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය තීරණය කොට ඇත. ලෝකයේ කළු සල්ලි සංසරණය වන හා ත්‍රස්තවාදී කටයුතුවල මුදල් හුවමාරුවන රටවල් පිළිබඳව සොයා බලන ගෝලීය ආයතනයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය මෙතෙක් කලක් ශ්‍රී ලංකාව ඔවුන්ගේ අයහපත් ලැයිස්තුව හෙවත් අළු ලැයිස්තුවේ ඇතුළත් කොට…

ආනයන වියළි මිරිස් සහ මාළු සඳහා වන බදු පහතට

ඉදිරි උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව එම  කමිටුවේ සභාපති කෘෂිකර්ම පී. හැරිසන් මහතා කියයි.   ඒ අනුව,දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20කින් ද, ආනයනික මාළු කිලෝවක්…

හිටපු ජනපතිනිය සහායට එනවා නම් ශ්‍රීලනිප ගොඩගන්න සට‍නේ – ශ්‍රීලනිප උප සභාපති කුමාර වෙල්ගම

තමන් කිසි දිනක පොහොට්ටුව හෝ හංසයා යටතේ දේශපාලනය නොකරණ බවත් හිටපු ජනාධිපතිනිය තමා සමඟ ශ්‍රීලනිප ය ගොඩගැනීමේ සටන ඉදිරියට ගෙන යන බවත් හිටපු අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ වෙල්ගම මහතාට පොහොට්ටුවට එක්වන ලෙස ඉල්ලමින් මතුගම නගරයේ පැවැති උපවාසය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නුවරළියේ පැවැති මේ…

පීඩිත පංතියේ ගැලවුම්කාරයා සජිත් 51%ට වඩා වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරනවා – රංජන් රාමනායක

‍ධනපති නියෝජිත ගෝඨාභය රාජපක්ෂ මහතා පරදවා පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට පනස් එකකට (51%) වැඩියෙන් ඡන්දය ලබා මේ රටේ හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වීම කිසිම කෙනෙකුට වැළැක්වීමට නොහැකි යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (18දා) අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදී පැවැසීය. රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ මාධ්‍යවේදීන්…

ජනතාව කැපවීමෙන් ඉදිරියට එන්නේ ළඟ එන අනතුර හඳුනාගෙන ඇති නිසා – වික්‍රමභාහු කරුණාරත්න

අපේ පක්ෂයෙනුත් ජනාධිපවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරල තියෙනව නන්දිමිත්‍ර කියල කෙනක්. එහෙම තියෙද්දිත් අපි වැඩකරන්නෙ ගෝඨාභය පරාජය කරල, ඉස්සරටහ යන්න. ඒ නිසා අපිට ඡන්දය දිය යුතුයි කියන්න සිද්ධ වෙලා තියෙනව එක්සත් ජාතික පක්ෂය නැත්නම් නව ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයෙන් ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අපි ඔක්කොම විවිධ අදහස් තිබුණත් අනිවාර්යෙන්ම මේ සටනෙදි සජිත්ට ඡන්දය දීලා ගෝඨාභය පරාජය…

ගොටාට එනවයි කියූ එජාප ප්‍රබලයා දිගටම සිටි රාජපක්ෂ කෙනෙක්

ගොටාභය රාජපක්ෂ මහතාට සහයදීමට එජාප ප්‍රබලයකු එක්වන බව ප්‍රචාරය කොට අද පවත් වූ මාධ්‍ය හමුවේදී ගෝටාට සහය දෙන බව කිවේ කලකට පෙර සිට ම රාජපක්ෂ කදවුරට එක්ව සිටි විජේදාස රාජපක්ෂ මහතාය . විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු පැමිණිය ද යහපාලන රජයේ ඇමතිවරයකුව සිටියදී පවා ඔහුගේ සහාය තිබුණේ ගෝඨාටමය. තමන් අධිකරණ…

සීයට පනහ ගන්න බෑ. බැසිල් ජවිපෙන් දෙවැනි මනාපය ඉල්ලලා ! – බිමල් රත්නායක හෙළිදරව් කරයි

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය පොහොට්ටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හෙළිදරව් කළේය.  ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (16) මහනුවරදී පැවති රැස්වීමක් අමතමිනි.  “මං ඕනෙ නම් පොඩි…