විදුලි ගාස්තු වැඩි වන හැටි – අමාත්‍යවරයාගෙන් විශේෂ පණිවුඩයක්

කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. එම ලේඛණ පහතින්.   අද දෙරණ 

පළාත් පාලන මැතිවරණය ට එරෙහිව පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු එහි සමාජිකයින්, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා…

ඩීසල්, භූමිතෙල් මිල පහළට

ඊයේ (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල අඩුකොට ඇත. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 420ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වේ. රුපියල් 365ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක නව…

උපයෝගිතා කොමිසමේ සභාපතිගේ ර්තක වැරදියි ! වැඩිම වියදම අඩුවෙන් ගෙවන අයට විදුලිය දෙන්න යි

  විදුලිය ජනනයට ඉන්ධන දහනය අවශ්‍ය වන්නේ වැඩියෙන් පරිභෝජය කරන පාරිභෝගිකයන්ට විදුලිය දීමට බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කරන ර්තකය බොළඳ සහ වැරදි ර්තකයක් බවත්, ඉන්ධන දහනය අවශ්‍ය වන්නේ උපරිම විදුලි ඉල්ලුමක් ඇති කරමින් සවස 6 සිට 10 දක්වා විදුලිය පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයන්ට අවශ්‍ය විදුලිය ලබාදීමට බවත් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා…

බස් එලෙවුවා කියා නායකයෙක් වෙන්න බෑ – ෆොන්සේකාගෙන් සජිත්ට ප‍්‍රහාරයක්…

  බස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය ‌යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. “බස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න සුදුසුකම නෙමෙයි. එතුමා යම්කිසි තෘප්තියක් ලබනවා ඇති බස් එකක් තෑගි කරලා ඒ්ක එළවලා. බස් එලෙව්වා කියලා…

පළාත් පාලන ඡන්දයක් එපා – මිහින්තලේ හිමි කියති

පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවය. “ප්‍රාදේශීය සභා මොකටද අපිට ? ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්…

පොලී අනුපාත අඩු කිරීම නව වසරේ ප්‍රධාන අරමුණ යි – මහ බැංකු අධිපති නා හිමිවරුන්ට කියයි

  රටේ දැන් පවතින අධික උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ තම ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර් නන්දලාල් වීරසිංහ මහතා මහ නා හිමිවරුන් බැහැ දැක ප්‍රකාශ කොට තිබේ. නව වසර උදාවත් සමඟ අද පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව  දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස්…

‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘ – උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

  විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ…

2023 වසර නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් – ජනපති

ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගතකළ වසරක් නිමා කරමින් 2023 නව වසරට මෙරට ජනතාව පිවිසි බවය….

හිරුනිකාගේ බලු චෝදනාවට ආශු කෝටි 150 ක් වන්දි ඉල්ලයි

මහාචාර් ය ආශු මාරසිංහ මහතා බල්ලෙකුට අපයෝජනය කළ බවට බොරු චෝදනාවක් නගමින්  මාධ්‍ය හමුවක් පවත්වා ඒ මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් එකසිය පනහක්  වන්දි ඉල්ලීමට මාරසිංහ මහතා කටයුතු කොට ඇත. සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදන යන දෙදෙනාගෙන් මෙම වන්දි මුදල ඉල්ලා මාරසිංහ මහතා එන්තරවාසි යවා තිබේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් කෝටි පනහක් සහ…

වැරදි මිල පාලනයෙන් දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 30 කින් බැහැලා !

  ආණ්ඩුවේ වැරදි මිල පාලන ප්‍රතිපත්ති නිසා මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ තිහකින් පමණ අඩු වී ඇති බව නිලධාරීන් උපුටා දක්වමින් එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ හැත්තෑවක සීල ලක්ෂ හතලිහක් දක්වා අඩු වී තිබේ. බිත්තර මිල පාලනය නිසා තම කිකිළියන් මසට මැරීමට නිෂ්පාදකයින් පෙළඹීම මෙම තත්ත්වයට හේතු වී…

දෙසම්බරයේත් උද්ධමනය තවත් පහළට

  කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින්  තවදුරටත් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර් තා මගින් තහවුරු වෙයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් නොවැම්බර් මස උද්ධමනය සියයට 61 ක් ලෙස සටහන් වූ අතර එය දෙසැම්බර් මස සියයට 57.2 ක් දක්වා පහත වැටී තිබේ….