හිරුනිකාගේ බලු චෝදනාවට ආශු කෝටි 150 ක් වන්දි ඉල්ලයි

මහාචාර් ය ආශු මාරසිංහ මහතා බල්ලෙකුට අපයෝජනය කළ බවට බොරු චෝදනාවක් නගමින් මාධ්‍ය හමුවක් පවත්වා ඒ මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් එකසිය පනහක් වන්දි ඉල්ලීමට මාරසිංහ මහතා කටයුතු කොට ඇත.
සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදන යන දෙදෙනාගෙන් මෙම වන්දි මුදල ඉල්ලා මාරසිංහ මහතා එන්තරවාසි යවා තිබේ.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් කෝටි පනහක් සහ ආදර් ශා කරන්දනගෙන් කෝටි සියයක් ලෙස මෙම වන්දි මුදල ඉල්ලා ඇත.
මෙම දෙදෙනා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ සියළු චෝදනා අසත්‍ය බව මෙම එන්තරවාසිය මඟින් ප්‍රකාශ කරයි.
මහාචාර්ය ආශු මාරසිංහ මහතා පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි ර්අථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බව සිය එන්තරවාසියෙන් ආශු මාරසිංහ මහතා පෙන්වා දී තිබේ.
පසුගිය 23 වන දින සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍ට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය.
