ඩීසල්, භූමිතෙල් මිල පහළට

ඊයේ (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල අඩුකොට ඇත.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව රුපියල් 420ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වේ.
රුපියල් 365ක්ව පැවැති ලංකා භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රු. 355කි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ මිල අඩු කිරීමට අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද මිල අඩු කොට ඇත.
