උපයෝගිතා කොමිසමේ සභාපතිගේ ර්තක වැරදියි ! වැඩිම වියදම අඩුවෙන් ගෙවන අයට විදුලිය දෙන්න යි

 

විදුලිය ජනනයට ඉන්ධන දහනය අවශ්‍ය වන්නේ වැඩියෙන් පරිභෝජය කරන පාරිභෝගිකයන්ට විදුලිය දීමට බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කරන ර්තකය බොළඳ සහ වැරදි ර්තකයක් බවත්, ඉන්ධන දහනය අවශ්‍ය වන්නේ උපරිම විදුලි ඉල්ලුමක් ඇති කරමින් සවස 6 සිට 10 දක්වා විදුලිය පරිභෝජනය කරන ගෘහස්ත පාරිභෝගිකයන්ට අවශ්‍ය විදුලිය ලබාදීමට බවත් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වා දෙන්නේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් සියයේ සිට දේශීය දක්වා වැය වන  තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ සවස 6 සිට 10 දක්වා කාලයේ ඇතිවන උපරිම විදුලි ඉල්ලුම ලබාදීම සඳහා බව ය. එම උපරිමය ලබා දීමට ජල විදුලිය හා ගල් අඟුරු බලාගාර ප්‍රමාණවත් නැති නිසා තාප බලාගාර ක්‍රියාත්මක කළ යුතු වෙයි.

සවස 6 -10 කාලයේ මෙම උපරිම ඉල්ලුම ඇතිවන්නේ ගෘහ පාරිභෝගිකයන්ගේ විදුලි පරිභෝජනය හේතුවෙනි. ආගමික ස්ථානවල විදුලි ඉල්ලුම ඇතිවන්නේ ද මෙම කාලයේ දී ය. විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන සහ එනිසා ම වීදුලි ගාස්තු අඩුවෙන් ගෙවන දශ ලක්ෂ හතරක් පහක් පාරිභෝගිකයන්ගේ එකවර ඇතිවන මෙම ඉල්ලුම උපරිම මට්ටමක් වෙයි. ඛනිජ තෙල් දහනයෙන් විදුලිය නිෂ්පාදනය සිදු කරන්නේ එම උපරිම ඉල්ලුම ලබා දීමට ය.

එබැවින් අඩු විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන්ගේ ඉල්ලුම ලබා දීමට ජල විදුලි නිෂ්පාදනය ප්‍රමාණවත්ය යන්න බොළඳ සහ වැරදි ර්තකයකි.

තාප බලාගාර ක්‍රියාත්මක කළ යුතු වන්නේ වැඩි ඉල්ලුමක් ඇති පාරිභෝගිකයින් සඳහාය යන්න ද එබඳු ම වැරදි ර්තකයකි.  වැඩි විදුලි පරිභෝජනයක් කරන ර්කමාන්ත , වෙළෙඳ ආයතන හෝ වෙනත් බොහෝ ආයතනවල ඉල්ලුම වැඩි ප්‍රමාණයක් පවතින්නේ දිවා කාලයේ ය. එම ඉල්ලුම සපයන්නේ ගල් අඟුරු, ජල විදුලිය, දවස පුරා ක්‍රියාත්මක පුනර් ජනනීය බලශක්ති ආදී බලාගාර මගිනි. ඒ සියල්ලෙහි පිරිවැය සාපේක්ෂ වශයෙන් අඩු ය. බොහෝ විට එය රුපියල් 45 ක් පමණ විය හැකි ය.

වැඩි විදුලි පරිභෝජනයක් කරන බොහෝ පාරිභෝගිකයන්ගේ විදුලි බිල ඉහළ යන්නේ දිවා කාලයේ වැඩියෙන් භාවිතා වන වායු සමනය ආදිය හේතුවෙනි. උපරිම ඉල්ලුමට මේවායේ බලපෑම අල්ප වෙයි.

විදුලි පද්ධතියේ නඩත්තුවේ දී ද වැඩි පිරිවැයක් දරන්නට සිදුව ඇත්තේ ඈත ගම් දක්වා විහිදී ඇති ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ය.

මෙම දත්ත අනුව බලන විට ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් සිදුකර ඇත්තේ උපරිම විදුලි ඉල්ලුමේ දී රුපිය සියය ඉක්ම වූ වැඩි පිරිවැයකින් නිපද වූ විදුලිය රුපියල් අටක් වැනි අවම මුදලකට ලබා දීම යි. ඔවුන් නොගෙවන මිල ර්කමාන්ත සහ වෙනත් අයට ගෙවන්නට සිදුවෙයි.

යෝජිත ගාස්තු සංශෝධනයෙන් ද එම පිරිවැය සම්පුර්ණයෙන් අයකර ගැනීමක් සිදුකොට නැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *