ආණ්ඩුව කාටද? තීරණය හෙට

නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ආණ්ඩුව වෙනස් කිරීමේ හෝ මැතිවරණයකට යාමේ හෝ ක්‍රමවේදවල වාසි අවාසි ප්‍රධාන පක්ෂ දෙකම මේ මොහොතේ මැන බලමින් සිටින අතර හෙට දිනය වන විට අවසන් තීරණයක් ගනු ඇතැයි දේශපාලන අංශ කියයි. මහින්ද රාජපක්ෂ මහතා අද ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග තත්ත්වය සාකච්ඡාකොට වහාම ආණ්ඩුව ලබාගැනීම හෝ මහ මැතිවරණයකට ගොස් වැඩි බලයක් සහිතව…

ආණ්ඩු පක්ෂයේ තීරණය ජනාධිපති හා සාකච්චාවකින් පසු 20 වැනිදා

ඉදිරියටත් ආණ්ඩු පක්‍ෂය ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බදාදා (20) දිනයේ යළි රැස්වීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද (18) තීරණය කර තිබේ.         ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද මහමැතිවරණයකට යා යුතු ද ආදී කරුණු සම්බන්ධ තීරණයක් ගැනීමට එම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද රැස්වී සාකච්ඡා…

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

  ශ්‍රී ලංකාවේ අභිනව විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය අනුරාධපුර රුවන්වැලි සෑය පාමුල සලපතල මළුවේදී පැවැත්විණි   මෙරට හත්වැනි විධායක ජනපති ලෙස දිවුරුම් දුන් පසු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීය. ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව දිවුරුමෙන් ප්‍රකාශ වන අතර ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්‍යයක් බිහිකිරීමට…

සජිත්ගේ පරාජයට වගකිව යුත්තේ කට කැඩිච්ච කතා කිව්ව මංගල – කිරිඇල්ල

සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ සිංහල බෞද්ධ ජන්ද පදනම අහිමි වන ආකාරයේ බරපතල ප්‍රකාශ මැතිවරණ සමයේ සිදුකළ මංගල සමරවීර බවත් ඔහු  සිදු කළ එම ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව තමන් විමතියට පත් වු බවත් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි. පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ  සජිත්ගේ කකුලෙන්  අදින වැඩ…

අගමැති ඇතුළු පක්ෂ නායකයන්ට ගෝඨාභයගෙන් ආරාධනා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂවල පක්ෂ නායකයන්ට අනුරාධපූර රුවන්වැලිසෑයේ පැවැත්වෙන තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන ලෙස නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ. අද (18) අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත් වලින් පසුව සංඝ රත්නයේ ආශිර්වාදය මැද ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය.

එජාප සභාපති ධුරයෙන් , ඇමති ධුරයෙන් කබීර් හෂීම් අස්වෙයි

එජාප සභාපති ධුරයෙන් හා ඔහු දැරූ ඇමති ධුරයෙන් කබීර් හෂීම් මහතා ඉල්ලා අස්වී ඇත . සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට කැරලි ගැසූ කණ්ඩායමේ නායකයකු ලෙස පරාජයේ වගකීම භාරගෙන ඔහු තම ඉල්ලා අස්වීම භාර දී ඇත .

අගමැති තනතුරින් ඉවත්වන්න රනිල් සුදානමින් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි . ඒ පිළිබඳව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා එජාප හා සන්ධානගතව සිටින අනෙක් පක්ෂවල අදහස් ලබාගනිමින් සිටින අතර අවසන් තීරණය ගැනීම ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ දිවුරුම් දීමෙන් පසුව සිදුවනු ඇතැයි කියති .

මංගල , මලික් , අජිත් පී , පරණවිතාන ඇමති ධුර අත්හරිති

මංගල සමරවීර , මලික් සමරවික්‍රම , අජිත් පී පෙරේරා , කරුණාරත්න පරණවිතාන මහත්වරුන් ඔවුන් දැරූ ඇමති තනතුරුවලින් ඉවත් වී ඇති බව වාර්තා වෙයි . මොවුන් සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට කැරලි ගැසුවෝ වෙති . එමෙන්ම ජනාධිපතිවරනයේදී ඔවුන් සංවිධානය කළ ආසන බර පතල ලෙස පරාජයට පත් වී ය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ…

ගෝඨාභය දිවුරුම් දීම ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේ දී

ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(18) පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.   ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.

හරීන් ඇමැති තනතුරු අතහැර යයි

මහජන තීන්දුවට ගරු කරමින් ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (17 වැනිදා) දහවල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්වන බව හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි.

එජාප නියෝජ්‍ය නායක තනතුරින් සජිත් ඉල්ලා අස්වෙයි

එජාප නියෝජ්‍ය නායක තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කර  ඇත . ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. “ඉතා දැඩි කැපවීමෙන් කළ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා…

සජිත් පරාජය පිළිගනියි ; ගොටාභයට සුබපතයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ තම පරාජය පිළිගෙන ඇති අතර ජයග්‍රාහී අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සුබ පතා ඇත . ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර පළාත් හා වෙනත් ප්‍රදෙස කිහිපයක් ජය ගත්තද සිංහල චන්ද බහුතර ලෙස ඇති ප්‍රදෙසවලදී දරුණු ලෙස පරාජය ලබා ඇත .