එජාප නියෝජ්‍ය නායක තනතුරින් සජිත් ඉල්ලා අස්වෙයි

එජාප නියෝජ්‍ය නායක තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කර  ඇත .

ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් අනුමාන නිගමනයකට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

“ඉතා දැඩි කැපවීමෙන් කළ සාධාරණ මැතිවරණ සටනකින් පසුව, ජනතාවගේ තීරණයට හිස නැමීමත්, ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීමත් මගේ වගකීමක් කොට සලකමි “ යයි සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *